එයාගෙ වැඩේ සහ මගේ වැඩේ

ආනන්ද – මිස්ට පියසේන,ඔයා මහන ඕඩර් එකේ ලේබල් ටික රෙඩි.කවුරු හරි එවන්න ඒ ටික ගෙනියන්න.              

පියසේන – අයියෝ මිස්ට ආනන්ද. කවුරුවත් නැහැනෙ එවන්න. අද ඔෆීස් එකේ තුන්දෙනෙක්ම ඇබ්සන්ට්. ෆැක්ටරියෙන්වත් කෙනෙක් නැහැනේ එවන්න.මිස්ට ආනන්දට බැරිද ඕක කාගෙ හරි අතේ එවන්න?

ආනන්ද – ආ…… ඔයාගෙ බටන් ටිකයි අඩුපාඩු නූල් ටිකයිත් රෙඩිලු. මිස්ට පියසේනවත් ඇවිල්ල ගෙනියන්න. එතකොට ප්‍රඩක්ෂන් එක ස්මූත් එකේ යන්න පුළුවන්නේ.

පියසේන – අයියෝ මටනං කොහොමවත් එන්න විදියක් නැහැ.තව ටිකකින් පුතාගෙ ඉස්කෝලෙ රැස්වීමට යන්න තියෙනව.ඒකට ඉතිං නොගිහිල්ලම බැහැනේ.

ආනන්ද – ආ……. මිස්ටර් පියසේන ඉල්ලපු ඇඩ්වාන්ස් පේමන්ට් එකත් රෙඩි කියල එකවුන්ටන් කියනව. එහෙනං  මන් මේ බඩු ටිකයි පේමන්ට් චෙක් එකයි කුරියර් එකට දම්මවන්නන්.මිස්ට පියසේනට අනිද්ද වෙනකොට ලැබෙයි.

පියසේන – මගේ ඇඩ්වාන්ස් පේමන්ට් එක රෙඩිද ? මම දැන් එනව. මේ දැන් එනව ගන්න. ඔච්චර ඉක්මණට පේමන්ට් එක ලෑස්ති කලාට තැන්ක්යූ මිස්ට ආනන්ද. මං ඒ ගමන්ම අර බඩු ටිකත් ගන්නන්. 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024