ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟය සදහා පොදු ප්‍රවාහනය පුළුල් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟය සදහා පොදු ප්‍රවාහනය පුළුල් කරයි.

2025 ජනවාරි 12 සිට 26 දක්වා පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ලෝලීන්ට උපකාර කිරීම සඳහා මෙල්බර්න් හි ට්‍රෑම් රථ සහ බස් ජාලයට අමතර පොදු ප්‍රවාහන සේවා දහස් ගණනක් එක් කෙරේ. තරඟාවලිය පැවැත්වෙන මෙල්බර්න් උද්‍යානය වෙත ප්‍රවාහනය කිරීම සදහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය අමතර ට්‍රෑම් රථ 4,500ක් එකතු කරන බවට නිවේදනය කර ඇත. කාර්යබහුල කාලවලදී, ට්‍රෑම් රථ සෑම මිනිත්තු දෙක තුනකට වරක් ධාවනය වන අතර ප්‍රවේශපත්‍ර දරන්නන් සහ කාර්ය මණ්ඩලය සඳහා සේවාවන් නොමිලේ වේ.රාත්‍රී බස් රථ ෆෙඩරල් චතුරශ්‍රයේ සිට තරඟ අවසන් වූ පසු පාන්දර 2 දක්වා ක්‍රියාත්මක වේ. පසුගිය වසරේ, ට්‍රෑම් රථ 500,000කට ආසන්න ප්‍රමාණයක් රසිකයින් විසින් භාවිතා කර ඇත.

වික්ටෝරියා හි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය, කොලින් බෲක්ස් විසින් මෙම පොදු ප්‍රවාහන වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කියා සිටියේ ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලිය ලෝකයේ විශාලතම ක්‍රීඩා ඉසව්වලින් එකක් වන බවත් එම නිසා නරඹන්නන්ට පහසුවීම සදහා ට්‍රෑම් රථ සේවා වැඩිදියුණු කර අදාළ ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සඳහා ඉතා වැදගත් බවත්ය.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025