ඊයේ (05) දින දකුණු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් වූ පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමත් සමග ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 185ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 181ක් පමණි.
ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 157කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 162ක පහසු ඉලක්කයක් හිමිවිය.
කෙසේ නමුත් එම ඉලක්කය කඩුලු 4ක් දැවී පහසුවෙන් හඹායෑමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමඟ 2025 ජූනි 11 වැනිදා ලන්ඩන් නුවර ලොඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතය.