ඕස්ට්‍රේලියාවේ ගංවතුරෙන් අධිවේගී මාර්ගය දෙකඩ වෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ ගංවතුරෙන් අධිවේගී මාර්ගය දෙකඩ වෙයි.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරින් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

ඊයේ වන විට එක් මරණයක් වාර්තා වන බවත්, අවතැන් වූ ජනතාව මුදා ගැනීමට කඩිනම් පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගංවතුර තත්ත්වය අධික වීමෙන් අධිවේගී මාර්ගයක කොටසක් ද ගංවතුරෙන් බිඳී ගොස් ඇති අතර, ගංගා සහ ජලාශ පිටාර ගැලීමෙන් මාර්ග, නිවාස සහ කඩසාප්පු රැසක් ද යට වී ඇතැයි වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025