ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනයට අවශ්‍ය ශ්‍රම බලකායේ හිඟයක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනයට අවශ්‍ය ශ්‍රම බලකායේ හිඟයක් ඇතිවෙයි.

ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රයට අමතර සේවකයන්ගේ අවශ්‍යතාවයක් පවතින අතර සුදුසුකම් ලත් වෘත්තිකයන් 21,000ක පිරිසක් වහාම අවශ්‍ය වන අතර අනාගත ඉල්ලීම් සපුරාලීමට සහ රජයේ ළමා ආරක්ෂණ සැලසුම්වලට සහාය වීමට තවත් 36,000ක් අවශ්‍ය වේ.සේවකයින් සදහා රැකියාවේ ලැබෙන අඩු වැටුප්,ඉහළ යන වියදම සමඟ අරගල කිරීමට සිදුවීමත් මෙහි ප්‍රධාන වශයෙන් කාන්තා ශ්‍රම බලකාය වැඩිවශයෙන් සිටින නිසා තවදුරටත් අර්බුදකාරී වී තිබේ.මෙම ගැටළු විසඳීම සඳහා මුල් ළමාවිය අධ්‍යාපන වෘත්තියේ අනාගත පැවැත්ම සදහා වැටුප් වර්ධනය සඳහා රජයේ අරමුදල් වැඩි කිරීම,නව ප්‍රවේශයන් සඳහා සහාය සහ වෘත්තීය සංවර්ධන අවස්ථා වැඩිදියුණු කිරීම විචාරකයින් විසින් නිර්දේශ කරයි.කම්කරුවන් සඳහා 15%ක වැටුප් වැඩිවීමක් සඳහා අරමුදල් සැපයීමට ෆෙඩරල් ආණ්ඩුව දැනටමත් පියවර ගෙන ඇත.

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024