ගිනි කන්දක් මත පිහිටි Melbourne හි රාජකීය උද්භිත උද්‍යානය

  • Home
  • /
  • Blog
  • /
  • ගිනි කන්දක් මත පිහිටි Melbourne හි රාජකීය උද්භිත උද්‍යානය

ඕස්ට්‍රේලියාවේ මෙල්බ(ර්)න් නගරයේ පිහිටා ඇති මෙම රාජකීය උද්භිත උද්‍යානය Guilfoyleගේ ගිනි කන්ද ලෙස හදුන්වා ඇති අතර මෙය ආරම්භ කර ඇත්තේ වර්ෂ 1876 දී පමණ වේ.මෙම ගිනි කන්ද 18 වන ශත වර්ෂයේ දී මිනිසා විසින් ජලය පිරිපහදු කර ගැනීමට,වැසි ජලය ගබඩා කර ගැනීමට, ජලය උණු කර ගැනීමට යොදාගෙන ඇත.මෙය 18 වන ශත වර්ෂයේ දී ඉතාමත් ප්‍රයෝජනවත් වී ඇත.

මෙම උද්‍යානය කොටස් කිහිපයකින් සමන්විත වන අතර කාන්තාර පතොක් උද්‍යානය නමින් හදුන්වන ප්‍රදේශය තුල කැපී පෙනෙන කෝමාරිකා තිබෙන අතර 3000කට වඩා වැඩි පතොක් වර්ග ප්‍රමාණයක් ද සාරවත් ගම්මිරිස් වර්ග ද 2020 වර්ෂයේ දී මෙයට අලුත් එකතු කරන ලදී. 

මෙහි ළමා උද්‍යානයක් ද පවතින අතර එය ඉතාමත් සුවිශේෂී වේ. එහි ඕනෑම වයසක ළමුන් සදහා ක්‍රියාකාරකම් කිරීමට ඇත.තනිවම ඇවිදීමට,ක්‍රියාකාරකම් කිරීමට, ගවේෂණයට මෙහිදී ළමුන්ට අවස්ථාව ලැබේ.ළමා උද්‍යානය ශීත කාලය සදහා වසා ඇති අතර නැවත සැප්තැම්බර් 03 (සෙනසුරාදා) දින ආරම්භ වේ.

රාජකීය උද්‍යානයේ Fern gully නම් උද්‍යාන ප්‍රදේශය  ඔබට සන්සුන් බව සොයාගත හැකි ප්‍රදේශයක් ලෙස හැදින්විය හැකි වේ.මේ උද්‍යාන ප්‍රදේශය සදහා ජපානයේ Moss උද්‍යාන ආකෘතිය උපයෝගී කරගෙන ඇත. මෙය ඉතාමත් වැදගත්වන්නේ ඔබට තනිවම ඇවිදයමින් සහ මෙහි ඇති ස්වභාවික පාෂාණ මත වාඩිවෙමින් ඔබගේ ආධ්‍යාත්මික වර්ධනය උදෙසා ඔබට කටයුතු කල හැකිවීම නිසයි.

මේ උද්‍යානය තුළ පවතින Run the Tan ප්‍රදේශය ව්‍යායාම් කටයුතු සදහා යොමුවිය හැකි ප්‍රදේශයක් වන අතර මෙල්බ(ර්)න්හි සිටින පරිසරයත් සමග ව්‍යායාම කිරීමට කැමති බොහෝ පිරිස් මෙහි පැමිණ ව්‍යායාම් කටයුතුවල නියැලෙයි.

මෙහිදී ඔබට ඉංග්‍රීසි ආභාෂය ලත් බෝට්ටුවක් මගින් අලංකාරවත් වූ විලෙහි ගමන් කරමින් විවිධ ආකාරයෙන් ඔබට උද්‍යානය නැරඹීමට හැකිවේ.ඔබට ඉතාමත් අලංකාර ඡායාරූප ද ලබාගත හැකි අතර මෙය මගනොහැරගත යුතු අවස්ථාවක් ලෙස නරඹන්නන් පවසයි.

ඔබ තුරුපත් වියන් අතර වාඩි වී පරිසරයෙන් දැනෙන සිසිසල අතරේ ඔබට ආහාර ගැනීමට අවශ්‍යනම් ඔබ යා යුතුම ස්ථානයක් ලෙස නරඹන්නන් රාජකීය උද්‍යානය පෙන්වා දෙයි.තේ,කෝපිවල සිට විවිධාකාරයෙන් යුත් ආහාර පාන ඔබට මෙහි දී රසවිදීමට හැකිවේ.

ඔබට තනිවම ගවේෂණය කරමින් ඇවිදිමින් ස්වභාවික වෘක්ෂ ලතා,මල් වර්ග,පාසි වර්ග යනාදී වනාන්තරයක දැකිය හැකි ලක්ෂණ ද ඊට අමතරව පොකුණු,භූ විෂමතා ලක්ෂණ ද නරඹමින් ඒ පිළිබද ගැඹුරු අධ්‍යනයක නිරත වෙමින් ශරීරයට මෙන්ම මනසට ද විවේකයක්,වෙනසක්,නව අත්දැකීමක් ලබා දීමට මෙල්බ(ර්)න්හි පිහිටි මෙම රාජකීය උද්‍යානය ඉතා වැදගත් වේ.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

Sri Lanka Vs Australia Cricket match fixture background design with glowing stadium lights and waving flags
January 13, 2025