ජනප්‍රිය වික්ටෝරියානු පිහිනුම් ස්ථානයක් අසල විශාල මෝරෙකු

  • Home
  • /
  • News
  • /
  • ජනප්‍රිය වික්ටෝරියානු පිහිනුම් ස්ථානයක් අසල විශාල මෝරෙකු

ජනප්‍රිය වික්ටෝරියානු පිහිනුම් ස්ථානයක් අසල විශාල මෝරෙකු දක්නට ලැබී ඇති බව වාර්තා වේ. 

වික්ටෝරියාහි Mornington අර්ධද්වීපයේ ජනප්‍රිය පිහිනුම් ස්ථානයක් අසල මෝරෙකු පිහිනමින් සිටිනු දුටු මොහොත ඡායාරූපවලින් ග්‍රහණය වී ඇත.

ඊයේ Sorrento හි Point King Beach ජැටිය අසල පිහිනුම්කරුවන්ගේ අවධානය මෝරාට හිමි ව ඇති අතර නරඹන්නන් ප්‍රකාශ කර ඇති පරිදි මෝරා මීටර් දෙකක් පමණ දිග බව වාර්තා වේ. 

මේ අතර මෙල්බර්න් වැසියන් උණුසුම් කාලගුණය භුක්ති විදිමින් සිටින  අතර, උෂ්ණත්වය අද අංශක 32 දක්වා ළඟා වීමටත් හෙට අංශක 25 දක්වා පහත වැටීමටත් නියමිත බව සඳහන් ය. කෙසේ වෙතත්, සති අන්තයේ උෂ්ණත්වය අංශක 33 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025