ජීවිතයේ හොදම අවස්ථා සමරන්න මෙල්බර්න්හි හොදම අවන්හල්

  • Home
  • /
  • Blog
  • /
  • ජීවිතයේ හොදම අවස්ථා සමරන්න මෙල්බර්න්හි හොදම අවන්හල්

උපන්දින උත්සවයක්,සංවත්සරයක්,ජීවිතයේ සතුටුදායක මොහොතක් සමරන්න සුන්දර සන්ධ්‍යාවක දී ඔබට යා හැකි අනර්ඝ තත්ත්වයේ අවන්හල් කිහිපයක් මෙල්බර්න්හි පිහිටා ඇත.

Gimlet at Cavendish House

පැරණි ලෝකයේ ආකර්ෂණීයත්වය සහ නවීන භෝජන සංග්‍රහය Gimletවලදී හමුවේ. ඔබ එක්වරක් මේ අවන්හලෙන් ආහාරගෙන ඇත්නම් හොඳම අවන්හලක් ලෙස මෙම අවන්හලට ආකර්ෂණීය ස්ථානයක් හමු වී ඇත්තේ කෙසේද යන්න දැනගැනීමට ඔබට හැකිවේ. මෙම අවන්හලේ ඇති ගිම්ලට් කොක්ටේල් ඉතා ජනප්‍රිය වේ.විවිධ අංශයන් යටතේ ආහාර ලබා ගැනීමට හැකිවේ.ඕස්ට්‍රේලියානු නිෂ්පාදන සහ දර ගිනි උදුන මුළුතැන්ගෙයෙහි කේන්ද්‍රස්ථානය වේ.

Society

ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග පලමු වතාවට මෙන්ම ඔබේ 10 වැනි විවාහ සංවත්සරයටත් සුන්දර මතකයක් එක් කිරීමට මේ අවහන්හලට හැකියාව තිබේ.වක්‍රාකාර කාමරයක පහන් ආලෝකයෙන් ආසන දිලිසෙන විට ඊට ඉහළින් ඉතාමත් මනස්කාන්ත වූ විදුලි එළි දැල්වේ.ජපන් ආභාසය ලත් හෝ යුරෝපීය විලාසිතාවේ ආහාරවලට පෙර මෙම අවන්හලේ සුවිශේෂී වූ රසවත් බීම වර්ගයන් ද බීමට අමතක නොකල යුතුවේ.

Old Beijing

ඉතාමත් සාම්ප්‍රදායිකව නිමවූ අවන්හල් අභ්‍යන්තරය ද, නවීන මෙනුවක් සහ ලෝක ප්‍රසිද්ධ පීකිං තාරා මස් ද මෙහි දී ඔබට ලැබෙනු ඇත.මෙහිදී ඔබට පැරණි බීජිං අවන්හලක් වෙත පැමිණියාක් මෙන් හැගීමක් ඔබට ලබේ. plump xiao long bao and mountainous spicy noodles සමග ඔබේ ප්‍රණීත ආහාරවේල මෙහිදී ආරම්භ කිරීමට හැකියාව ලැබේ. ඉන්පසු සෙමින් braised ork belly, නැවුම් බෙල්ලන් සහ තාරා මස් ද ඔබට ලබාගත හැකිය. බීම මෙනුවද විවිධාකාරයෙන් රසවත් අයුරින් තිබේ.

Grossi

ගයි ග්‍රෝසිගේ සුප්‍රසිද්ධ ඉතාලි අවන්හල් සමූහය Bourke Hill හි පිහිටා ඇති අතර එහි මෙල්බර්න් හි ආහාර හා සංස්කෘතික රටාව පිළිබදව මෙහි දැකිය හැකි වේ. සෘතුවලට විශේෂිත වූ නිෂ්පාදන සියල්ලක්ම පාහේ මෙහි දී ඔබට මිලදී ගැනීමට හැකිවේ. 

Freyja

ඓතිහාසික Olderfleet ගොඩනැගිල්ලේ පිහිටා ඇති Freyja සැබවින්ම නවකතාවක් ලෙස හැඟේ. ඕස්ට්‍රේලියාවේ  භෝජන සංග්‍රහයට නෝර්ඩික් ප්‍රවේශයක් සමඟ,දේශීය නිෂ්පාදනවල සංකීර්ණ රසයන් සමඟ ආහාර නිෂ්පාදනය වේ. අවන්හල මගින් මෙල්බර්නියානුවන් ස්කැන්ඩි ගැස්ට්‍රොනොමි වෙත හඳුන්වා දෙන අතර ඔබට නොර්ඩික් රම් කොක්ටේල් සමඟ මිශ්‍ර කර අද්විතීය රසකින් යුක්ත බීම වර්ග මෙහිදී ඔබට ලැබේ.

Yakimono

ක්‍රිස් ලූකස්ගේ යකිමෝනෝ යනු මුළු දවසම ආහාර ලබා ගැනීමට හැකි නිවසකි. ටෝකියෝවේ ඉසකායා බාර් සිහිගන්වමින් ජපන් ආභාෂය ලත් ආපනශාලාවකි.. නූඩ්ල්ස් සහ සුෂි වැනි කෑම වර්ග මෙහිදී ඔබට ලැබේ.පානය කිරීම සඳහා රසවත් ටෝකියෝ කොක්ටේල් ලබාගත හැකිවේ.

Akaiito

ප්‍රියමනාම ජපන් භෝජන සංග්‍රහයක් විදීමට ඔබ කැමතිනම් Akaiito අවන්හලට ඔබ යා යුතුම වේ.රොබාටා සූපවේදීන් සහ සුෂි මාස්ටර් විසින් ඔබේ ආහාර වේල පිළියෙළ කරන ආකාරය නැරඹීමට ඔබට අවශ්‍ය නම් ප්‍රදර්ශන කුස්සිය අසලින් ඔබට අසුන්ගත හැකි වේ. වියලි වියපත් තාරාවාගේ සිට පැසුණු ස්ට්‍රෝබෙරි සමඟ පේර සෝර්බෙට් දක්වා එහිදී ඔබට රසවත් ආහාරපාන ලබාගත හැකිවේ.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

AdobeStock_23262322-scaled
October 29, 2024