ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා අලුත් කළ ඉන්දියාව

  • Home
  • /
  • Sports
  • /
  • ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා අලුත් කළ ඉන්දියාව

බංග්ලාදේශයට එරෙහිව කාන්පූර්හිදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් පිටියේ සුවිශේෂී වාර්තා දෙකක් අලුත් කිරීමට ඉන්දියාව ඊයේ (30) සමත් විය.ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තාකළ වේගවත්ම ශතකය හා වේගවත්ම අර්ධ ශතකය සඳහා වන වාර්තා ඉන්දීය කණ්ඩායම විසින් අලුත් කළේය.ඉන්දියාව පන්දුවාර 10.1කින් ලකුණු 100යේ සීමාව පසුකර ගියේ ඔවුන් මීට පෙර තබා තිබූ වාර්තාව අලුත් කරමිනි.මීට පෙර කණ්ඩායමක් වාර්තාකළ වේගවත්ම ටෙස්ට් ශතකය 2023 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කොදෙව් දූපත්හිදී පැවති තරගයකදී වාර්තාකර තිබිණි. එවර ඉන්දියාව පන්දුවාර 12.2කින් ශතකය සම්පූර්ණ කර ඇත.එමෙන්ම ඉන්දියාව බංග්ලාදේශය සමග තරගයේ සිය ලකුණු 50 වාර්තාකළේ පන්දුවාර 3කදීය.එයද ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් වාර්තාකළ වේගවත්ම අර්ධ ශතකය විය.ඉන්දියාව බිඳදමනු ලැබුවේ මෙම වසරේදීම එංගලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දුවාර 4.2කදී පිහිටුවා තිබූ වාර්තාවයි.මේ අතර ඉන්දියාව මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු ආකෘතියක පන්දුවාර 3කදී අර්ධ ශතකයක් සම්පූර්ණ කර නොමැතිවීමද විශේෂත්වයකි.ඔවුන් මීට පෙර ක්‍රීඩාකර තිබූ වේගවත්ම අර්ධ ශතකය වූයේ පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ දී බංග්ලාදේශයට එරෙහිව පන්දුවාර 3.4කදී අර්ධ ශතකය සම්පූර්ණ කිරීමයි.දින දෙකකට වැඩි කාලයක් වර්ෂාවෙන් බාධා එල්ල වූ බංග්ලාදේශ – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඊයේ (30) දිනයේදී සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 233ක් රැස්කළහ.ඉන් අනතුරුව පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියාව, සිය පළමු ඉනිමට පන්දුවාර 34.4ක් ක්‍රීඩාකර කඩුලු 09ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවීය.ඒ වනවිට ඉන්දියානු කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියේය.ඉන්දීය ඉනිම වෙනුවෙන් යෂස්වි ජයිස්වාල් පන්දු 51කින් ලකුණු 72ක්ද, කේ. එල්. රාහුල් පන්දු 43කින් ලකුණු 68ක්ද, විරාත් කෝලි පන්දු 35කින් ලකුණු 47ක්ද රැස්කිරීමට සමත් වූහ.

Don't forget to share this post!

Recent Posts

JICA_1200px_25_03_12-1000x600
March 13, 2025