තම පපුවේ නාසි ස්වස්තිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කාසල් හිල්හි පුද්ගලයෙකුට චෝදනා

  • Home
  • /
  • News
  • /
  • තම පපුවේ නාසි ස්වස්තිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කාසල් හිල්හි පුද්ගලයෙකුට චෝදනා

යුද ස්මාරකය ඉදිරිපිට තම පපුවේ නාසි ස්වස්තිකය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කාසල් හිල්හි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. 

ඊයේ Sydney’s northwest දෙසින් පිහිටි යුද ස්මාරකයක් ඉදිරිපිට තම පපුවේ නාසි ස්වස්තිකයක් ඇඳ එය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබේ.

පෙබරවාරි 24 වන සඳුදා සවස 7 ට පමණ Wrights Road, Castle Hill හී පාරේ ස්මාරකයේදී 31 හැවිරිදි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කාසල් හිල් පොලිස් ස්ථානයට ගෙන යන ලදී.

නාසි සංකේතයක් ප්‍රදර්ශනය කිරීමේ වරදට ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර මෙම පුද්ගලයාට කොන්දේසි සහිත ඇප ලබා දී ඇති අතර මාර්තු 19 වන බදාදා Parramatta ප්‍රාදේශීය අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025