දකුණු ඕස්ට්‍රේලියාවට දරුණු කාලගුණික තත්ත්වයක්

  • Home
  • /
  • News
  • /
  • දකුණු ඕස්ට්‍රේලියාවට දරුණු කාලගුණික තත්ත්වයක්

දකුණු ඕස්ට්‍රේලියානු කලාපය දැනටමත් අධික වර්ෂාපතනයෙන් පීඩා විදින අතර සතියක සිට දකුණු ඕස්ට්‍රේලියාව දරුණු කාලගුණයකට මුහුණ දෙයි.ටස්මේනියාව ඇතුළු දකුණු ප්‍රදේශ හරහා 100kmh ඉක්මවන විනාශකාරී සුළං වේගය 125kmh දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ටස්මේනියාවේ ගංගා ජල පෝෂක ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අනතුරු ඇඟවීම් ද මේ වන විට නිකුත් කර ඇත.වික්ටෝරියා හි ග්‍රැම්පියන් සහ ඔට්වේස් ඇතුළු මධ්‍යම සහ බටහිර ප්‍රදේශවලට හානිදායක සුළං අපේක්ෂා කරන අතර ඇල්පයින් ප්‍රදේශය 130kmh දක්වා තද සුළං වලට මුහුණ දෙයි.දකුණු ඔස්ට්‍රේලියාවේ අයර් සහ යෝර්ක් අර්ධද්වීපයට බලපෑ සීතලත් සමග එන තද සුළං දැකිය හැක.මේ අතර සිඩ්නි නුවරට 31 °Cක පමණ උෂ්ණත්වයක් සහිත හිරු එළිය සමග මෘදු කාලගුණයක් භුක්ති විඳිය හැකි බව පවසා ඇති අතර, බ්‍රිස්බේන් හරහා 50kmh දක්වා සුළං සහිත සිසිල් තත්ත්වයන් අත්විදීමට හැකි වේ.උෂ්ණත්වය 21 °C දක්වා ළඟා වන අඟහරුවාදා (28) දින පර්ත් ප්‍රදේශයට 90%ක වැසි ඇති වීමේ සම්භාවිතාවකට මුහුණ දෙයි.මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවදියෙන් සිටින ලෙසත් පවතින දැඩි කාලගුණික තත්ත්වයන් සඳහා සූදානම් වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

Don't forget to share this post!

Recent Posts

z_p25-No-moratorium
January 15, 2025