නමේ වැරැද්ද

අධ්‍යක්‍ෂක – අපේ චිත්‍රපටියට ගැලපෙන කට්ටිය ඉන්ටර්විව් එකට ඇවිල්ල ඉන්නවද අයිසේ?

සේවකයා – ඔව් සර් හොඳ උස මහත පොරවල් ටිකක් ඇවිල්ල ඉන්නෙ.

අධ්‍යක්‍ෂක – හා එහෙනං එක්කෙනාට එක්කෙනාට එන්න කියනවා.

සේවකයා – පෝලිමේ ඉස්සරහින් ඉන්න මහත්තය එන්න.

අධ්‍යක්‍ෂක – මොකද්ද තමුන්ගෙ නම.

1 අයදුම්කරු  – බීපිය සේන.

අධ්‍යක්‍ෂක – මේ උදේ බොන්න පුලුවන්ද මිනිහෝ? අනික් එක මගේ නම සේන නෙවෙයි දාස. සේන කියන්නේ මගේ පියන්. දැන් තමුන්ගෙ නම කියනවා.

1 අයදුම්කරු – බීපිය සේන .

අධ්‍යක්‍ෂක – ආයෙ තමුසේ බොන කතාවල් කියනව . මාව බොන්න දීල නම්මගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.

සේවකයා – නෑ නෑ සර් මෙයාගේ නම තමයි බී පියසේන බණ්ඩාරගේ පියසේන කැපිටල් බී පියසේන.

අධ්‍යක්‍ෂක – ආ…එහෙමද? තමුසෙගෙ සහතික ටික දෙනවා මෙහාට, තමුසෙ අතනින් වාඩිවෙලා ඉන්නවා කතා කරනව අනික්කෙනාට. තමුසෙගෙ නම මොකද්ද?

2 අයදුම්කරු – එම්බල දාස.

අධ්‍යක්‍ෂක – මම නළුවො ගන්නෙ රජකාලෙ නාට්‍යකට නෙවෙයි , චිත්‍රපටියකට. තමුසෙගෙ නම කියනව.

2 අයදුම්කරු – එම්බල දාස .

අධ්‍යක්‍ෂක – තමුසෙලා ඔක්කොටම අමු කැවිලද මන්දා , නම ඇහුවම රඟපානවා.

2 අයදුම්කරු – නෑ නෑ සර් මගේ නම කැපිටල් එම් බලදාස ,මහානාමගේ බලදාස.

සේවකයා – සර් ඊළඟට ඉන්නෙ ගෑණු ළමයි දෙන්නෙක්.

අධ්‍යක්‍ෂක – මොනවද කියනවකො නම්, නැත්තං මෙතෙන්ට ඇවිල්ල පිස්සු කියවයි.

සේවකයා – සර් එල්ලිලා ඒක මළා .

අධ්‍යක්‍ෂක – දැන් තමුසේ කිව්වා නේද ඔතෙන්ට ඇවිල්ල ඉන්නවා කියල.තමුසෙටත් පිස්සු ඕයි.

සේවකයා – නෑ සර්, ලියනගමගේ ලීලා කැපිටල් එල් ලීලයි ආරච්චිගේ කමලා කැපිටල් ඒ කමලයි.

අධ්‍යක්‍ෂක – වෙන දවසක එන්න කියනව ඔක්කොටම.මටත් පිස්සු වගේ ඕයි .

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024