නිලධාරීන්ට තරු පෙන්වූ මුදලාලිගේ හෙළිදරව්ව

  • Home
  • /
  • Entertainment
  • /
  • නිලධාරීන්ට තරු පෙන්වූ මුදලාලිගේ හෙළිදරව්ව

චන්දන ආනන්දගේ හොඳ මිතුරෙකි. ඔහු රැකියාව කරන්නේ කාන්තා හා ළමා කටයුතු කාර්යාංශයේය. කලකට පසු හමුවූ දෙමිතුරෝ සිනමා පටයක් බලා අවසන තේ පානය සඳහා අසල කුඩා කඩයකට ගියහ. ආප්ප හා කට්ට සම්බෝල ආහාරයට ගත් පසුව ඔවුන්ට තේ බොන්නට වුවමනා විය. ආප්ප හදන්නේ කඩේ මුදලාලිය. 

කොල්ලෝ මේ මහත්තුරු දෙන්නට ප්ලේන්ටි දෙකක් හදාගෙන වරෙන් මයෙ පුතේ.

මුදලාලි ආප්ප දමන ගමන් කෑ ගැසීය. 

හරි ලොකු අප්පච්චීපොඩි එකා කීවේය. 

තේ දෙක රැගෙන දරුවෙකු පැමිණියේය. ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වා හොඳින් බැලූ චන්දනපුතාගෙ

වයස කීයද ? ” යැයි ඇසීය. 

අවුරුදු 13 යි අන්කල්මුඛරි කටක් ඇති කොලුවා කීවේය.

මුදලාලි මෙහාට එනවචන්දනගේ ස්වරය දැඩිය. 

ඇයි මහත්තය තේ එකේ මොනවත් ප්‍රශ්නයක්ද ? ” තම සරමෙහි අත්දෙක

පිසදා ගනිමින් ආ මුදලාලි බයාදු ලෙස ඇසීය. 

තේ එක? තේ එක නෙවෙයි මේ ළමය අවුරුදු දහතුනක ළමයෙක් . තමුන් දන්නෙ

නැද්ද මේ වයසෙ ළමයෙක් ළමයගෙ කැමැත්තෙන් වුණත් සේවයේ යොදවන්න බැරි බව. මම චන්දන, ළමා කාර්යාංශයේ නිලධාරියෙක් මෙන්න අයිඩෙන්ඩි එක. තමුන් බොහොම බරපතළ වැරැද්දක් කරල තියෙන්නේඑක දිගටම කියාගෙන යන චන්දන දෙස දරුවාත්

මුදලාලිත් බියෙන් බලාගෙන සිටියහ.

මූ මගේ මල්ලිගෙ පුතා, ඉස්කෝලෙ නිවාඩු දවස් වලට, ඌට නිවාඩු පාඩු තියෙන වෙලාවට මට ඇවිල්ල උදව් කොරනවා. මල්ලිගෙ කුඹුරු වැඩ කාලෙට මල්ලිට උදව් කොරනව. මුනුත් අතේ පයේ රස්සාවකුත් පුරුදු වෙන්න එපැයි. පොඩි කාලෙ ඉඳලම,

අනෙක මහත්තයො හැමෝම දොස්තරල, ඉංජිනේරුවො එහෙමත් නැත්තං ඔය මහත්තයල වගේ අය වෙන්නෙ නැහැනෙ. ඉතිං මේ වගේ දේවල් පුරුදු වෙන්න අවුරුදු දහඅට වෙනකන්ම ඉන්න ඕනද?” මුදලාලිටත් තරමක් කේන්ති ගිය බවක් පෙනිණ.

ඒව මට වැඩක් නෑ මුදලාලි මම කියන්නෙ පනතෙ තියෙන දේවල්, අපි වැඩ කරන්නෙ පනතට අනුව තේරුණාද? මං මේ වෙලාවේ ඉස්පෙක්ෂන් එකකට ආවෙ නැති නිසා ඇක්ෂන් ගන්නෙ නෑ. මං මේ දැන ගන්නයි කිව්වෙ චන්දන සැරෙන් කීවේය.

මහත්තයෝ එහා පැත්තෙ චිත්තර පටි හෝල් එකේ තියෙනව නේ හොඳ චිත්‍රපටියක්. මුදලාලි කීවේය. 

ඔව් අපි ඒක බලල එන ගමන්.ආනන්ද කීවේය.

ඒකෙ අර ළමා නළුවො දෙන්නගෙ රඟ පෑම් නම් නියමයි නේද මහත්තයෝමුදලාලි කීවේය. මුදලාලි කථාව වෙනත් පැත්තකට හරවන්නට යනවා යැයි චන්දනට සිතිණි.

ඔය පොඩි එවුන්ට හොඳට ගෙවනවද මහත්තයෝ, උගෙ අප්පත් ඒකෙ රඟපෑවනෙමුදලාලි කීය. 

ඔව් හොඳට ගෙවන්න ඇති චිත්‍රපටිය නැගලා යන්නෙත් ඔය කොල්ලො දෙන්න හන්ද

තමයිචන්දන කීවේය. 

ඔය චිත්‍රපටිය කොරන්න කලියෙන් ඔය ළමයි දෙන්න රූපවාහිනී මෙගා ටෙලියක හිටිය.මුදලාලි කීවේය.

ඇයි ඔය තාමත් ඒ නාට්‍ය යන්නෙ. ඒකත් හරි ජනප්‍රියයි.චන්දනගේ තරහ දැන් අඩුවී ඇත. 

ඒ ළමයින් ඉස්කෝලෙ වෙලාවෙන් පස්සෙ හරි සමහර දවස්වලට ඉස්කෝලෙ යන්නෙ නැතුව හරි ඔය සල්ලි හම්බ කොරන ඒවට උදව් කරනව නේද මහත්තයො. එතකොට ඔය පණතේ හැටියට ඒකත් වැරදි නේද මහත්තයෝ? මහත්තයල ඉස්පෙක්ෂන් කරල ඔය නාට්‍ය චිත්‍රපට කොරන කී දෙනකුට නඩු දාල තියෙනවද මහත්තයෝ.“? මුදලාලි ඇඟට පතට නොදැනී ඇසුවේය.

ඒව තමුසෙට වැඩක් නෑ තමුසෙගෙ ගාණ කීයද?”චන්දනට ටිකක් තරහ ගියේය.

චන්දනත් ආනන්දත් වෙන්ව යනතුරුම චන්දන ආනන්ද සමඟද කිසිවක් කතා කලේ නැත.

 

චිත්‍රාන් මොරකන්දෙ ගමගේසිතුවම සුමතිපාල ජෝතිපාල 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024