නොවැම්බර් අවසානයටත් පෙර ශ්‍රී ලංකාවට සංචාරකයින් 120,000ක්

  • Home
  • /
  • News
  • /
  • නොවැම්බර් අවසානයටත් පෙර ශ්‍රී ලංකාවට සංචාරකයින් 120,000ක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළදී විදෙස් සංචාරකයින් 120,961ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අනාවරණය වේ.ඒ අනුව 2024 මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,741,676ක අගයක් ලෙස සටහන් වෙයි. 

නොවැම්බර් මාසයේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති වැඩිම සංචාරකයින් පිරිස ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 26,717ක් ලෙසින් සටහන්ව ඇත.

මීට අමතරව යුරෝපයට ආරම්භ වූ ශීත සෘතුවත් සමඟම යුරෝපා සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළ දී රුසියාවෙන් සංචාරකයින් 20,157ක්, ජර්මනියෙන් 9,444ක් එක්සත් රාජධානියෙන් 7,715ක් ලෙස සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024