පිළිකා රෝගයට එරෙහිව රුසියාවෙන් එන්නතක්

  • Home
  • /
  • Health
  • /
  • පිළිකා රෝගයට එරෙහිව රුසියාවෙන් එන්නතක්

රුසියාව විසින් මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සියක් වන TASS වාර්තා කර ඇත.මෙම පිළිකා මර්දන එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර, 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කර තිබේ.මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇතැයි වාර්තා වේ.mRNA එන්නත මගින් මිනිස් සෛලවලට ප්‍රෝටීනයක් හෝ වෛරසයට සමාන ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට අවස්ථාවක් ලබා දීම සිදු කරයි.එවිට ප්‍රෝටීන් මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කර මෙලෙස පිළිකා වර්ධනය මර්දනය කරනු ඇතැයි සදහන් කෙරේ.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025