බ්ලූබෙරි සහ මිශ්‍ර පලතුරු මත, අයිස්ක්‍රීම් සමඟ පිළිගැන්වීමට White chocolate ක්‍රොසන්ට් (Croissant) පුඩිං

  • Home
  • /
  • Yum
  • /
  • බ්ලූබෙරි සහ මිශ්‍ර පලතුරු මත, අයිස්ක්‍රීම් සමඟ පිළිගැන්වීමට White chocolate ක්‍රොසන්ට් (Croissant) පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය 

ක්‍රොසන්ට් පුඩින් (180c)

නැවුම් ක්‍රීම් මිලිලීටර් 135

සීනි ග්‍රෑම් 35

බිත්තර කහ මද 02 

සුදු චොකලට් කැබලි ග්‍රෑම් 25

ක්‍රොසන්ට් 01 (ඉතුරු වුණු කැබලි)

 

සාදා ගන්නා ක්‍රමය

  • රැමකින් කෝප්පයක් (ramekin cup) තුළ ක්‍රොසන්ට් සහ සුදු චොකලට් කැබලි අතුරන්න.
  • බිත්තර කහ මද සහ සීනි හොඳින් මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.
  • නැවුම් කිරි රත් කර, ඉහත බිත්තර-සීනි මිශ්‍රණයට එකතු කරගන්න.
  • මිශ්‍රණය, සකස් කරන ලද ක්‍රොසන්ට් කෝප්පයට පෙරා ගන්න.
  • වතුර භාජනයක් උඩ තබා (water bath) ඔබේ ක්‍රොසන්ට් මිශ්‍රණය 180c උෂ්ණත්වය යටතේ, උඩ කොටස ඉරි තලා, මිශ්‍රණය මැද පදමට පිළිස්සෙන තුරු හොඳින් බේක් කරගන්න.

 

මිශ්‍ර පළතුරු කොම්පෝට් (Compote)

අවශ්‍ය ද්‍රව්‍ය 

සීනි කැරමල් ග්‍රෑම් 100 

තැඹිලි යුෂ මිලිලීටර් 25

මිශ්‍ර පළතුරු ග්‍රෑම් 100 

 

සාදා ගන්නා ක්‍රමය

  • ඝන පතුලක් ඇති භාජනයක (pan), රන් පැහැ දුඹුරු පාටක් වන තුරු සීනි කැරමල් කරගන්න.
  • දොඩම් යුෂ, සීනි කැරමල් සමඟ මිශ්‍ර කර අඩු ගින්දරේ උණු කරගන්න.
  • උණු කරගත් මිශ්‍රණය ලිපෙන් බාගෙන, එයට මිශ්‍ර පළතුරු එකතු කර, අමුත්තන්ට පිළිගන්වන තුරු පසෙකින් තබන්න.

 

වැනිලා අයිස් ක්‍රීම් හෝ ඔබ කැමති අයිස් ක්‍රීම් වර්ගයක් සමඟ රස විඳින්න!

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025