බාබර් අසාම් නායකත්වයෙන් දෙවන වරටත් ඉල්ලා අස්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • බාබර් අසාම් නායකත්වයෙන් දෙවන වරටත් ඉල්ලා අස්වෙයි.

පාකිස්තාන එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය දැරූ බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් විසින් සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ සිය පිතිකරණය සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටත් වැඩ ප්‍රමාණය කළමනාකරණය සඳහාත් ඔහු එම තීරණය ගන්නා බවයි.එම පණිවිඩයේ ඔහු සඳහන් කර ඇත්තේ සිය තීරණය පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට පසුගිය මස දැනුම්දුන් බවය.පසුගිය වසරේ දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඔහු පළමුවරට නායකත්වයෙන් ඉල්ලා අස්විය.නමුත් මාස 4කට පසුව ඔහුට එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල නායකත්වය පැවරීය.තවමත් 29 හැවිරිදි මෙම දකුණත් පිතිකරුවා එක්දින ජාත්‍යන්තර තරග 117කදී ලකුණු 5,729ක් සහ 20යි 20 ජාත්‍යන්තර තරග 123කදී ලකුණු 4,145 රැස්කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025