‘International Masters League’ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක්

  • Home
  • /
  • News
  • /
  • ‘International Masters League’ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ‘International Masters League’ තරගාවලියේ ඊයේ (6) පැවති තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Vadodara හිදී පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා මාස්ටර්ස් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 173ක් රැස් කිරීමට සමත්විය. 

නායක කුමාර සංගක්කාර පන්දු 42කකදී ලකුණු 47ක් රැස්කළ අතර, අසේල ගුණරත්න පන්දු 45කින් අගනා ලකුණු 64ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ලකුණු 174ක  ඉලක්කයක් හඹාගිය කොදෙව් මාස්ටර්ස්ලාට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 152ක් පමණි.

Dewayne Smith පන්දු 43කදී ලකුණු 49ක් රැස්කිරීම ඔවුන්ගේ පිතිකරුවෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 15කට කඩුලු 02ක් දවාගත් අතර මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව අඛණ්ඩව ලැබූ තෙවන ජය වන අතර, මෙම ජයත් සමග ඔවුන්ට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රැකගැනීමට අවස්ථාව උදාවිය.

මූලික වටයේ සියලු තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025