මන්කි පොක්ස් වෛරසයට එරෙහිව ලංකාවේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වෙයි.

  • Home
  • /
  • Health
  • /
  • මන්කි පොක්ස් වෛරසයට එරෙහිව ලංකාවේ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වෙයි.

M pox වෛරසයෙන් ආරක්ෂා වීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විධිමත් සැලැස්මක්

ගුවන් තොටුපළ මගින් මෙරටට ඇතුල්විය හැකි මන්කි පොක්ස් රෝගීන් හදුනාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ආවේක්ෂණ පද්ධතිය වඩාත් ශක්තිමත් කර ඇති බවත් මන්කි පොක්ස් රෝගීන් හමුවුවහොත් ඔවුන්ව වෙන් කර ප්‍රතිකාර කිරීමේ පහසුකම් කොළඹ බෝවන රෝග විද්‍යායතනය තුළ ස්ථාපිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

එමෙන්ම කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය සතුව  මන්කි පොක්ස් රෝගීන් හදුනාගැනීමේ රසායනාගාර පහසුකම් ද පවතින බවත්,පසුගිය 20 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විද්වත් කමිටු රැස්වීමේ දී මෙම රෝගයට වඩාත් හොදින් මුහුණ දීමට සහ කටයුතු කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම ද ලබාදුන් බවත්,මේ හා සම්බන්ධ උපදෙස ඇතුළත් චක්‍රලේඛයක් ද සියලුම සෞඛ්‍ය සේවා ආයතන සදහා ලබාදීමට කටයුතු කළ බවද ඒ මහතා පවසයි.

අප්‍රිකානු කලාපයේ ප්‍රධාන කරගනිමින්,මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපීය රටවල විශේෂයෙන් කොංගෝ රාජ්‍යයේ බෝ වීමේ හැකියාව සහ දරුණු බව වැඩි වී ඇත.රෝගීන් වැඩි ගණනක් වාර්තා වීම නිසා ගෝලීය මට්ටමින් සංවිධානාත්මක ලෙස පෙර සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සදහා 2024 අගෝස්තු 14 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජාත්‍යන්තර අවධානය ලක් කල යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළ බවත් මේ වන විට ආසියානු කලාපීය රටවල්වලින් රෝගීන් වාර්තා වී ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක් බවද සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

M පොක්ස් (මන්කි පොක්ස්) රෝගය මන්කි පොක්ස් වෛරසය නිසා ඇතිවන බවත්,ආසාදිත පුද්ගලයෙකුගේ දේහ තරල,තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාලයක් පුරා ශ්වසන බිදිතිවලට නිරාවරණය වීමෙන් මන්කි පොක්ස් රෝගය පැතිර යන නිසා,මෙම රෝගය පැතිරීමේ අවදානම අඩු මට්ටමක පවතී.තවද ආසාදිත පුද්ගලයෙකු භාවිතා කරන ලද ඇද ඇතිරිලි හෝ ඇදුම් මගින් ද රෝගය පැතිරීමේ හැකියාවක් ද පවතී.මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ උණ,සමෙහි  බිබිලි මතුවීම සහ වසා ගැටිති ඉදිමීම බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Don't forget to share this post!

Recent Posts

Sigiriya-Rock-Sri-Lanka
January 15, 2025