ගවේෂණ චාරිකාවක් සඳහා පසුගිය වසරේදී අභ්‍යවකාශ නැවතුම් මාධ්‍යස්ථානය බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමින් දෙදෙනා වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් මාස 9කට පසු අද ෆ්ලොරිඩා මුහුදු තීරයෙන් පෘථිවියට ගොඩ බැසීමට නියමිත බව නාසා ආයතනය නිවේදනය කර තිබේ. දින අටක කාලසීමාවක් සඳහා පසුගිය වසරේ ජූනි මස 5 වැනිදා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය එම ගගනගාමීන් දෙදෙනාට නියමිත කාලයේදී යළි පැමිණීමට නොහැකිවී ඇත්තේ ඔවුන් ගමන් ගත් ස්ටාර්ලයිනර් යානයේ හීලියම් ද්‍රාවණ කාන්දුවීමක් සහ තවත් කාර්මික දෝෂ රැසක් හට ගැනීම හේතුවෙන් බව සඳහන්.
සුනිතා සහ විල්මෝර් දෙදෙනා තවත් ගගනගාමින් දෙදෙනකු වන ඇමෙරිකානු ජාතිකයකු සහ රුසියානු ජාතිකයකු සමඟ SpaceX Dragon යානයෙන් පෘථිවියට ළඟාවනු ඇතැයි වාර්තා වේ. ඔවුන් රැගත් ස්පේස් එක්ස් යානය අමෙරිකානු වේලාවෙන් අද පස්වරු 5.57ට ගොඩ බැසීමට නියමිත බව නාසා ආයතනය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.