මැදපෙරදිග ගැටුම් නිසා බොරතෙල් මිල ඉහළට

  • Home
  • /
  • News
  • /
  • මැදපෙරදිග ගැටුම් නිසා බොරතෙල් මිල ඉහළට

ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන දරුණු යුධ ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වෙතැයි බියක් හටගැනේ.ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් මේ වන විට මැද පෙරදිග ගැටුම් තවදුරටත් වර්ධනය වීම නිසා ලෝකයේ ඉන්ධන සැපයුමට බාධා එල්ල වෙතැයි බියක් මතුවී තිබේ.එනිසා ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 74.40ක් දක්වා වර්ධනය වී තිබුණි. ඉරානය ලොව 7වැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා වෙයි. එසේම ඔපෙක් සංවිධානයේ තෙවැනි විශාලතම ඉන්ධන නිෂ්පාදකයා ය.මෙනිසා ඉන්ධන ප්‍රශ්නය තවත් බරපතල තත්ත්වයකට පත්වෙමින් පවතී.ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් Hormuz සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහන යාත්‍රා සඳහා ගමනාගමනයට බාධා එල්ලවිය හැකි බවට විශ්ලේෂකයින් පවසා ඇත.ඉරානය සහ ඕමානය අතර පිහිටි මෙම මුහුදු මාර්ගය ලෝක ඉන්ධන වෙළෙඳාමට විශාල දායකත්වයක් ලබාදෙන අතර එය ඔස්සේ ලෝක ඉන්ධන සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙයි.අනෙකුත් ඔපෙක් සාමාජික රටවල් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේට් සහ ඉරාකය ද සිය ඉන්ධන ප්‍රවාහනය සඳහා මෙම සමුද්‍ර මාර්ගය භාවිත කරයි. 

 

Don't forget to share this post!

Recent Posts

JICA_1200px_25_03_12-1000x600
March 13, 2025