මේ සති අන්තයේ දී ඕස්ට්‍රේලියාවට උල්කාපාත වැස්සක්

  • Home
  • /
  • News
  • /
  • මේ සති අන්තයේ දී ඕස්ට්‍රේලියාවට උල්කාපාත වැස්සක්

මෙම සති අන්තයේ දර්ශනීය Geminid උල්කාපාත වර්ෂාවක් ඕස්ට්‍රේලියාවේ අහස ආලෝකමත් කිරීමට නියමිතව ඇත.නමුත් මේ දිනවල පූර්ණ සඳ පායා ඒමට ආසන්න වීම නිසා උල්කාපාත ඉතා හොදින් දර්ශනය වීම සීමා විය හැකිය.උල්කාපාත වර්ෂාව දෙසැම්බර් 13 සිකුරාදා සිට දෙසැම්බර් 15 ඉරිදා දක්වා දර්ශනය වීම සිදුවනු ඇත. සාමාන්‍යයෙන් සෙනසුරාදා (14) උදෑසන කාලයේ දී උල්කාපාත වර්ෂාව හොදින්ම දැක බලා ගැනීමට හැකියාව ඇත. ජෙමිනිඩ් වර්ෂාව ඕස්ට්‍රේලියාව පුරා දිස්වන අතර හොඳම දර්ශනයන් නැරඹීමටනම්, නගරයට දුරින් පිහිටි විදුලි පහන්වලින් ඈත අඳුරු ස්ථානයකට යෑම ඉතා සුදුසු වේ. සෙනසුරාදා (14) උදෑසන (ඕස්ට්‍රේලියානු වේලාවෙන්) ප්‍රධාන ඕස්ට්‍රේලියානු නගර සඳහා සඳ බැස යන වේලාවන් මෙසේය.

  • Brisbane: 3.08am
  • Sydney: 4.00am
  • Canberra: 4.03am
  • Melbourne: 4.14am
  • Adelaide: 4.17am
  • Hobart: 3.45am
  • Perth: 3.30am
  • Darwin: 4.43am

දුරකථන, හෙඩ් ලයිට් හෝ පන්දම් භාවිතයෙන් උල්කාපාත වර්ෂාවේ මනරම් දර්ශනය විනාශ කළ හැකි බැවින්,  එවැනි දෙයින් වැළකී සිටීමට වග බලා ගන්නා ලෙස බලධාරීන් ජනතාවට උපදෙස් ලබාදෙයි.

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025