ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා T10 සුපිරි ලීග ක්‍රිකට් තරගාවලිය ඊයේ (11 වැනිදා) සිට මෙම මස 19 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.කොළඹ ජගුවර්ස්, ගාල්ල මාවල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, යාපනය ටයිටන්ස්, මහනුවර බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මූලික වටයේ තරග 21 කින් සහ අවසන් වටයේ තරග 4 කින් සමන්විත වේ. එහිදී කොළඹ ජගුවර්ස් පිල ඇන්ජලෝ මැතිව්ගේද, ගාල්ල මාවල්ස් පිල මහීෂ් තීක්ෂණගේද, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල දසුන් ශානකගේද, යාපනය ටයිටන්ස් පිල ඩේවිඩ් වීස්ගේද, මහනුවර බෝල්ට්ස් පිල තිසර පෙරේරාගේ, නුවරඑළිය කිංග්ස් පිල සෞරබ් තිවාරිගේද නායකත්වයන් යටතේ තරග වදිනු ඇත.ඊයේ (11) සිට 17 වැනිදා දක්වා සෑම දිනකම තරග 3 බැගින් පැවැත්වෙන අතර එම තරග පස්වරු 4.00 ට, 6.15 ට සහ 8.30 ආරම්භ වීමට නියමිතය. පළමු අවසන් පූර්ව තරගය, පරාජිතයන් ඉවත් කිරීමේ තරගය සහ දෙවැනි අවසන් පූර්ව තරගය 18 වැනිදා පැවැත්වෙනු ඇත. SUPER LEAGUE තරගාවලියේ මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් පළමු අවසන් පූර්ව තරගයේදී තරග වදින අතර ඉන් ජය ලබන කණ්ඩායම ඍජුවම අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය 19 වැනිදා පස්වරු 5.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් තරග බිමට පිවිසෙනු ඇත.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
කොළඹ ජගුවර්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් – නායක, අසාම් ඛාන් (පාකිස්තානය), කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, ටයිමාල් මිල්ස්, අසීෆ් අලී (පාකිස්තානය), ඇන්ජලෝ පෙරේරා, අකිල ධනංජය, අලී ඛාන් (ඇමරිකාව), නජිබුල්ලා සද්රාන් (ඇෆ්ඝනිස්ථානය), ඉසිත විජේසුන්දර, රමේෂ් මෙන්ඩිස්, ආමීර් ජමාල් (පාකිස්තානය), රනුද සෝමරත්න, ජෙවෙල් ඇන්ඩෘ (බටහිර ඉන්දීය කොදෙව්), අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක සහ ගරුක සංකේත්
ගාල්ල මාවල්ස් පිල මතීෂ් තීක්ෂණ – නායක, සකීබ් අල් හසන් (බංග්ලාදේශය), බිනුර ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ලුක් වුඩ් (එංගලන්තය), ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය), ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, සහූර් ඛාන් (එක්සත් අරාබි එමීර්), ඇන්ඩි්ර ෆ්ලෙචර් (බටහිර ඉන්දීය කොදෙව්), සඳුන් වීරක්කොඩි, ප්‍රභාත් ජයසූරිය, කෙස්රික් විලියම්ස් (බටහිර ඉන්දීය කොදෙව්), දුමිඳු සෙව්මිණ, තදිවක්ෂේ මරුමානි (සිම්බාබ්වේ) සහ සදීෂ රාජපක්ෂ හම්බන්තොට
බංග්ලා ටයිගර්ස් පිල දසුන් ශානක – නායක, ඉෆ්තාර් අහමඩ් (පාකිස්තානය), දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, රිචඩ් ග්ලීසන් (එංගලන්තය), හස්රතුල්ලා සසායි (ඇෆ්ඝනිස්ථානය), තරිඳු රත්නායක, ඉසුරු උදාන, මොහොමඩ් ශේෂාඩ් (ඇෆ්ඝනිස්ථානය), කරීම් ජොනට් (ඇෆ්ඝනිස්ථානය), ධනංජය ලක්ෂාන්, නිෂාන් පීරිස්, සෞම්‍ය සාකර් (බංග්ලාදේශය), ෂෙවෝන් ඩැනියෙල්, බ්‍රයන් බෙනට් (එංගලන්තය), සහන් ආරච්චිගේ, විජයකාන්ත් වියස්කාන්ත් සහ චමත් ගෝමස්
යාපනය ටයිටන්ස් පිල ඩේවිඩ් වීස් (නැමීබියාව) – නායක, වනිඳු හසරංග, ටොම් කොලර් කැමෝ (එංගලන්තය), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර් (පාකිස්තානය), ජොන්සන් චාල්ස් (බටහිර ඉන්දීය කොදෙව්), දුනිත් වෙල්ලාලගේ, නුවන් තුෂාර, ඩ්වේන් ප්‍රිටෝරියස් (දකුණු අප්‍රිකාව), ප්‍රමෝද් මධුෂාන්, පවන් රත්නායක, ජෝජ් ගාර්ටන් (එංගලන්තය), ටේරවීන් මැතිව් සහ කෙවින් වික්හැම් (බටහිර ඉන්දීය කොදෙව්)
මහනුවර බෝල්ට්ස් පිල තිසර පෙරේරා – නායක, ඉමාඩ් වසීම් (පාකිස්තානය), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, සයිම් අයුබ් (පාකිස්තානය), ජෝජ් මුන්සේ (ස්කොට්ලන්තය), චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ශානවාස් දහානි (පාකිස්තානය), අමීර් හම්සා (ඇෆ්ඝනිස්ථානය), ෂෙහාන් ජයසූරිය, චාමික ගුණසේකර, චන්ද්‍රපෝල් හේමරාජ් (බටහිර ඉන්දීය කොදෙව්), දනාල් හේමානන්ද, ඇරීනෙස්ටෝ වෙස්හා (සිම්බාබ්වේ) සහ සීක්කුගේ ප්‍රසන්න
නුවරඑළිය කිංග්ස් පිල සෞරබ් තිවාරි (ඉන්දියාව) – නායක, අවිෂ්ක ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, බෙනී හොවෙල් (එංගලන්තය), කයිල් මේයර්ස් (බටහිර ඉන්දීය කොදෙව්), ළහිරු මධුෂංක, ධනුෂ්ක ගුණතිලක, අෆ්ටාබ් අලාම් (ඇෆ්ඝනිස්ථානය), ඔෂේන් තෝමස් (බටහිර ඉන්දීය කොදෙව්), නිම්සර අතරගල්ල, යශෝධ ලංකා, සුබේඩ් අක්බාරි (ඇෆ්ඝනිස්ථානය), විෂේන් හැලඹගේ, රිවල්ඩෝ ක්ලාර්ක් (බටහිර ඉන්දීය කොදෙව්), චාමික කරුණාරත්න සහ පුලිඳු පෙරේරා