වනාන්තරයක් මැදින් වාෂ්ප දුම්රියක සවාරියක්

  • Home
  • /
  • Blog
  • /
  • වනාන්තරයක් මැදින් වාෂ්ප දුම්රියක සවාරියක්

Melbourne CBD සිට මිනිත්තු 60ක් දුරින් ඕස්ට්‍රේලියාවේ පැරණිතම සහ හොඳම සංරක්ෂණය කල උරුමයක් වශයෙන් පවතින වාෂ්ප දුම්රිය මාර්ගය වන Puffing Billy හි ඉතිහාසය හරහා ගමනක් ආරම්භ කරන්න. ඔබ විවෘත මැදිරිවල සශ්‍රීක වෘක්ෂ,පැළෑටි සහ උස් කඳු හරහා ගමන් කරන විට, සෞම්‍ය වැසි වනාන්තරයේ නැවුම් වාතය විදගැනීමටත් සහ විස්මිත භූ දර්ශනයත්,එහි ජීවත්වන සතුන් ද නැරඹීමටත් හැකිවේ. 

කලාපයේ හොඳම නිෂ්පාදන සහිත නවීන ආපන ශාලාවක්, දේශීයව නිර්මාණය කරන ලද නිධන් පිරවූ තෑගි සාප්පුවක් සහ කෞතුක වස්තු ප්‍රදර්ශනය කරන ගැලරියක් ඇත. දිනපතා විවෘත මෙම මධ්‍යස්ථානයට නොමිලේ ඇතුළුවීමට හැකිවේ.මෙම අමතක නොවන අත්දැකීම අතපසු නොකරන්න!

සංචාරය කරන දිනයේ පෙරවරු 8:00 දක්වා විනෝද චාරිකා දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගතව ඇත.ප්‍රවේශපත්‍ර මිල ඔබ තෝරන ගමන් මාර්ගය මත රඳා පවතී. ගමන් මාර්ග පිළිබඳ වැඩි විස්තර Puffing Billy Railway වෙබ් අඩවියෙන් සොයා ගත හැක.

 

Location

 1 Old Monbulk Road, Belgrave, Victoria, 3160

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025