ශකීබ් අල් හසන්ට පන්දු යැවීමේ තහනමක්

  • Home
  • /
  • Sports
  • /
  • ශකීබ් අල් හසන්ට පන්දු යැවීමේ තහනමක්

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් හට අත්හිටුවා ඇත.පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයක දී ශකීබ් විසින් පන්දුව දමා ගැසූ බවට චෝදනා එල්ල කරමින්, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ඔහුට පන්දු යැවීම පසුගියදා තහනම් කළේය.ශකීබ් ශ්‍රී ලංකාවේ මේ වනවිට ශ්‍රී ලංකා T10 තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා එක්වී සිටින නමුත් ඔහු පසුගිය තරග දෙකේදී ම පන්දු යැව්වේ නැත. ටෙස්ට් සහ T20 ජාත්‍යන්තර තරගවලින් සමුගත් ශකිබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරයි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025