2024 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 14ට ආසන්න වී තිබේ.ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.
පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරකයින් වැඩිම සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 218,350ක අගයක් ගනී.එමෙන්ම ජනවාරි සහ මාර්තු මාසවලද ලක්ෂ 2 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.මෙලෙස ශ්‍රී ලංකාව වෙත සංචාරයේ පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් පිරිසකි.
පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසය.