ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවට ලෝක බැංකුවෙන් ප්‍රකාශයක් නිකුත් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇති බවට ලෝක බැංකුවෙන් ප්‍රකාශයක් නිකුත් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ස්ථායීකරණය වී ඇති අතර 2024 වර්ෂයේ දී ආර්ථික වර්ධනය 4.4% ක් දක්වා ළඟා වනු ඇති බවත්, එය පෙර පුරෝකථනයන් අභිබවා ගොස් ඇති බවත් ලෝක බැංකුව පවසයි. කර්මාන්ත සහ සංචාරක අංශ මගින් දැක්වූ දායකත්වය මුල් කර ගනිමින් කාර්තු හතරක් පුරා සිදුවී ඇති ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනය මෙන්ම තීරණාත්මක, ව්‍යූහාත්මක සහ ප්‍රතිප්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩනැගී ඇති බව ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක බැංකුව අර්ධ-වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening Up to the Future) සදහා වන වාර්තාව ඊයේ (10) ප්‍රකාශයට පත් කරමින් ලෝක බැංකුව මේ බව සඳහන් කර ඇත.

මේ පිළිබඳව දැනුම් දීම සඳහා ඊයේ (10) පෙරවරුවේ දී ලෝක බැංකුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණු අතර ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා සමූහ නේවාසික කළමනාකරු Gevorg Sargsyan සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ ප්‍රධාන නේවාසික අර්ථ ශාස්ත්‍රඥ Richard Walker ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මේ අතර මෙම වාර්තාව මගින් රටෙහි අවදානමට ලක්විය හැකි සීමාවක පවතින සාර්ව ආර්ථික ස්ථායීකරණය පවත්වා ගැනීමත්, සාර්ථක ණය ප්‍රතිව්‍යූහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ මත රඳා පවතින බවට අවධාරණය කර සිටී. 

එමෙන්ම අපනයන ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම, ඵලදායීතාවය වැඩිදියුණු කිරීම සහ දුප්පත්කම, ආහාර අනාරක්ෂිතභාවය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති අවදානම් වැනි අභියෝගවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් ප්‍රධාන ප්‍රතිසංස්කරණ, වඩාත් ඇතුළත් සහ තිරසර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ඉතා වැදගත් වන බව ද මෙම වාර්තාව පවසයි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025