ශ්‍රී ලංකාව කණිෂ්ඨ මලළ ක්‍රීඩා තරගාවලියේ අනුශූරයන් වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව කණිෂ්ඨ මලළ ක්‍රීඩා තරගාවලියේ අනුශූරයන් වෙයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රීමත් ජවහර්ලාර් නේරු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවැත් වූ සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලළ ක්‍රීඩා තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සෙනසුරාදා (14) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය පැවසීය.

තෙදිනක් පුරා (සැප්. 11,12,13) පැවැත් වූ මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් හා ලෝඩක පදක්කම් 17ක් සමගින් පදක්කම් 35ක් දිනාගනිමින් සමස්ත අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාවට කරට කර සටනක් දුන් ඉන්දියාව රන් පදක්කම් 21ක්, රිදී 22ක් හා ලෝකඩ 05ක් සමගින් පදක්කම් 48ක් දිනාගනිමින් සමස්ත ශූරතාව දිනා ගන්නා ලදී.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිඳු රටකට රන් හෝ රිදී පදක්කම් දිනාගැනීමට නොහැකි වූ අතර බංග්ලාදේශය (3)ක් මාලදිවයින (2)ක් හා නේපාලයට (1)ක් යනාදී වශයෙන් ලෝකඩ පදක්කම් පමණක් දිනාගැනීමට හැකිවිය.

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025