ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය උඩුයටිකුරු කළ උතුරු-නැගෙනහිර

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය උඩුයටිකුරු කළ උතුරු-නැගෙනහිර

මෙවර මහ මැතිවරණයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ජාතික ජන බලවේගය සනිටුහන් කර තිබේ.ඒ සියලු ආගම්,ජාති, භේදයකින් තොරව නැගෙනහිර හා උතුරේ ජනතාව තනි ජාතික නායකයෙකු තෝරා ගැනීමයි.ඒ සමගම මුළු රටම එකම ජාතික නායකයෙකු කෙරෙහි විශ්වාසය තැබු ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වන අතර උතුරේ දෙමළ ජනතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික නායකයෙකු කෙරෙහි තැබු විශ්වාසය මෙවර ඡන්ද ප්‍රතිඵලයෙන් ඉතා ඉහළින් ප්‍රදර්ශනය විය.යාපනය දිස්ත්‍රික්කයේ ආසන තුනක්ම හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වූ අතර ඔවුන් දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 80,830ක්.එහි ප්‍රතිශතය 24.85%ක් ලෙසයි වාර්තා විය.ඔවුන් එසේ ලබා ගනිද්දි කාලයක් පුරා යාපනයේ බලය තහවුරු කරගෙන සිටි ඉලංගෙයි තමිල් අරුසුකච්චියට හිමිවුයේ එක් ආසනයක් පමණි.ඒ ඡන්ද 63321ක් ලබා ගනිමිනි. සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට එක් ආසනයක් හිමි වූ අතර ඡන්ද 27986ක් ලබා ගථ.යාපනය ස්වාධීන කණ්ඩායම් 17 ඡන්ද 27855ක් ලබාගත් අතර ඔවුන්ට ද ආසනයක් හිමි විය.කෙසේ වෙතත් මෙම ප්‍රතිඵල තුළින් ජාති හා ආගම්වාදය ජනතාව ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක කෙරෙහි දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාව ද තැබූ විශ්වාසය කැපී පෙනුනි.වන්නි දිස්ත්‍රික්කයයෙන් ජාතික ජනබලවේගය ලැබු ජයග්‍රහණය ද සුවිශේෂි වන අතර ඡන්ද 39894ක් ලබා ගනිමින් ඔවුන් එම දිස්ත්‍රික්කයෙන් හිමිකර ගත් ආසන සංඛ්‍යාව දෙකක් ලබා ගැනීමට සමත් විය.එහි ප්‍රතිශතය 20.37%ක් වේ.සමගි ජනබලවේගයට එක් ආසනයක් හිමිවුණේ ඡන්ද 32232ක් ලබා ගන්නා ලදී.ඉලංගෙයි තමිල් අරුසුකච්චි ඡන්ද 29711ක් ලබා ගනිමින් එක් ආසනයක්,ඡන්ද 21102ක් ලබා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයට ද එක් ආසනයක්,ඡන්ද 17710ක් ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට ද එක් ආසනයක් හිමිවිය.නැගෙනහිර පළාත ද මෙම ප්‍රතිඵලයම පෙන්නුම් කිරීම ජාතික ජන බලවේගය ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් විය.ඉලංගෙයි තමිල් අරුසුකච්චි මඩකලපුව දිස්ත්‍රික්කය සදහා ඡන්ද 96975ක් ලබා ගත්තා.එහි ප්‍රතිශතය සියයට 33.78ක්.ඔවුන් ආසන 3ක් හිමිකර ගැනීමට හැකිවුණා.ජාතික ජනබලවේගය එම දිස්ත්‍රික්කය සදහා ලබාගත් ආසන සංඛ්‍යාව 01යි.ඒ ඡන්ද 55498ක් සදහා වන සියයට 19.33ක ප්‍රතිශතයක් සමගින්. ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 40,139ක්.එහි ප්‍රතිශතය දැක්වුණේ 13.98ක් ලෙසයි.ආසනයක් හිමිකර ගැනීමට එම පක්ෂයට හැකි විය.ජාතින ජනබලවේගයට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්ද 87031ක් හිමි විය.එහි ප්‍රතිශතය සියයට 42.48ක් වන අතර ආසන දෙකක් හිමිව තිබේ.සමගි ජනබලවේගයට ඡන්ද 53058ක් ලබා ගැනීමට හැකිවුණේ සියයට 25.91ක ප්‍රතිශතයකින්.ඔවුන්ට ද එක් ආසනයක් හිමිව තිබේ.ඉලංගෙයි තමිල් අරුසුකච්චි ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 34168ක්. සියයට 16.68ක ප්‍රතිශතයක් සමග ආසනයක් හිමිකර ගැනීමට ඔවුන්ට හැකිවිය.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 9387ක් ලබා ගත් අතර එහි ප්‍රතිශතය සියයට 4.58ක්.

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024