සම සුදු කිරීමේ ක්‍රීම් පිළිබඳ විශේෂඥ අනතුරු ඇගවීමක්

  • Home
  • /
  • News
  • /
  • සම සුදු කිරීමේ ක්‍රීම් පිළිබඳ විශේෂඥ අනතුරු ඇගවීමක්

සම සුදු කිරීමේ ක්‍රීම් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන බවත්  ඒවායේ හානිකර අමුද්‍රව්‍ය අඩංගු විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවයි.මෙම නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර, බොහෝ දෙනා  ඒවා ෆාමසි, රූපලාවන්‍ය වෙළඳසැල් සහ අතින් සාදන ලද භාණ්ඩ ලෙස පවා මිලදී ගැනීම සිදු කරයී. නිසි ලේබල් කිරීම සහ රසායනාගාර විස්තර නොමැතිව ලියාපදිංචි නොකළ ක්‍රීම් නිෂ්පාදන භාවිතා කිරීමට එරෙහිව උපදේශක චර්ම රෝග විශේෂඥ වෛද්‍ය හිරොමෙල් ද සිල්වා අනතුරු ඇඟවීය.බොහෝ ක්‍රීම් වල හෙළි නොකළ ස්ටෙරොයිඩ් අඩංගු විය හැකි අතර එමඟින් කැසීම සහ පිළිස්සීම වැනි සමේ ගැටළු රැසක් ඇති විය හැකි බව හඳුනා ගෙන තිබේ.ඇතැම් සුදු කිරීමේ ක්‍රීම් හෘද රිද්මයට බාධා කළ හැකි බවත්, බරපතල සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.විශේෂඥයින් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ නියාමනය නොකළ රූපලාවන්‍ය නිෂ්පාදන වලින්  වඩා ප්‍රවේශම් විය යුතු බවත් ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ය. 

 

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025