සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ දී ගුවන් යානයක් කඩා වැටේ
සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක් අසල දී පුහුණු වන සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී ඇත.බ්‍රහස්පතින්දා (22) සවස 2.30 ට පමණ බොස්ලි උද්‍යානයේ ගාර්නට් වීදිය වෙත හදිසි සේවා කැඳවනු ලැබීය.ඉන්ධන ලීටර් 340 ක් රැගත් Piper Cherokee ගුවන් යානය Mary Immaculate කතෝලික ප්‍රාථමික පාසල අසල ටෙරෝන් උද්‍යානයේ මායිමේ ගස්වල වැදී කඩා වැටී ඇත. එම අවස්ථාවේ අසල සිටි කිසිදු සිසුවෙකුට තුවාල සිදුවී නොමැත.කෙසේවෙතත් දරුවන් එම ප්‍රදේශය තුළ සිටියානම් මහත් ව්‍යසනයක් සිදු වීමට ඉඩ තිබූ බව ද ජනතාව ප්‍රකාශ කළහ.
ක්වීන්ස්ලන්ත සමාගමක ලියාපදිංචි කර ඇති ගුවන් යානය පස්වරු 2.23 ට බෑන්ක්ස්ටවුන් ගුවන් තොටුපළෙන් පිටත් වූ අතර අවසන් වරට කිලෝමීටර 13 ක් පමණ ගමන් කිරීමෙන් පසු සවස 2.28 ට ගුවනේ දක්නට ලැබුණු බව පියාසැරි නිරීක්ෂකයෙකු පෙන්වයි.ගුවන් යානය කඩා වැටීමට මිනිත්තු පහකට පෙර බෑන්ක්ස්ටවුන් ගුවන් තොටුපළෙන් පිටත් වූ බව පියාසැරි නිරීක්ෂකයෙකු පවසා තිබේ.යානය ඇතුළත සිටි නියමුවන් දෙදෙනාට ද සුළු තුවාල සිදු වී තිබුණි.
NSW ගිලන්රථ නිලධාරීන් එම ස්ථානයේ සිටි පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් රෝහල් ගත නොකල අතර ඔවුන්ට විශාල තුවාල සිදුවී නොමැති බව ප්‍රකාශකයෙක් පැවසුවේය.ගිනි නිවීම් සහ ගලවාගැනීමේ නිලධාරීන් පැවසුවේ ගුවන් නියමුවා කඩාවැටෙන විට යානය පුහුණු ගුවන් ගමනක යෙදී සිටි බවයි.
ගිනි නිවන භටයින් විසින් මීටර් 100 ගිනි ආරක්ෂණ කලාපයක් ස්ථාපිත කර ඇති අතර ඉන්ධන කාන්දුවීම් ඇත්දැයි නිරීක්ෂණය කරයි.ඒ සිදුවිම සිද්ධවෙන ආසන්නයේ සිටි සෑම් එලියාස් පැවසුවේ තමාට කඩාවැටීම ඇසුණු බවත් උදව් කිරීමට දිව ගිය බවත්ය.“මට මහා පිපිරුමක් ඇහුණා, මම එළියට ආවා මොකද වුණේ කියලා බලන්න, මම ගුවන් යානයක් දැක්කා, මම දුවගෙන ගිහින්, නියමුවා බේරගත්තා” යැයි ඔහු මාධ්‍ය වෙත පවසා සිටියේය.
ප්‍රදේශවාසීන් පවසන්නේ එම ප්‍රදේශයේ හවසට ළමයින් සෙල්ලම් කරන බවත්,ගුවන් නියමුවාට ප්‍රශංසා කරමින් ගුවන් නියමුවා විසින් ගුවන් යානය ගස් මතට කඩා වැටීම සිදුකල නිසා අවට පවුල් සහ ළමයින් ආරක්ෂා වූ බවත් පැවසුවේය.