හොලිවුඩ් නළු Gene Hackman සහ ඔහුගේ බිරිඳ Betsy Arakawa මියයයි

  • Home
  • /
  • News
  • /
  • හොලිවුඩ් නළු Gene Hackman සහ ඔහුගේ බිරිඳ Betsy Arakawa මියයයි

ඔස්කාර් සම්මානලාභී හොලිවුඩ් නළු ජීන් හැක්මන් සහ ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා මියගොස් ඇති බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා මියගොස් සිටියදී ඔවුන් ගේ මළ සිරුරු, අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ සැන්ටා ෆේ හි ඔවුන්ගේ නිවසේදී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන පරිදි  එම නිවසේ සිටි සුනඛයා ද මියගොස් තිබේ.

මියයන විට ජීන් හැක්මන් 95 හැවිරිදි වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ බෙට්සි අරකාවා 63 වැනි වියෙහි පසුවිය.

මරණ සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ඔහු පවසා තිබේ.

ජීන් හැක්මන්, දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සිය වෘත්තීය ජීවිතය තුළ, ඇකඩමි සම්මාන දෙකක්, බැෆ්ටා සම්මාන දෙකක් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් දිනා ගැනීමට සමත්ව ඇත.

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025