අද අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය

  • Home
  • /
  • Blog
  • /
  • අද අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය

අද අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය

අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය වර්ෂපතා මැයි 22 වන දින යෙදී ඇති අතර, ලෝක ජෛවවිවිධත්වයට මුහුණපාන ගැටළු, තර්ජන හා අභියෝග පිළිබඳව සහ එහි වැදගත්කම පිළිබඳව ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම දිනය නම් කර ඇත.

“සොබාදහම සමඟින් තිරසර සංවර්ධනය” යන තේමාව යටතේ මෙම වසරේ ජෛවවිවිධත්ව දිනය සැමරේ. මෙම තේමාව ඔස්සේ එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය, එහි තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs), සහ කුන්මින්-මොන්ට්‍රියල් ජාත්‍යන්තර ජෛවවිවිධත්ව රාමුව (KMGBF) අතර ඇති සබඳතා සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.

1992 වසරේ බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරයේ පැවති “මිහිකත සමුළුව” හෙවත් පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව මඟින් තිරසාර සංවර්ධනය යන්න මූලික ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන, එහි ප්‍රතිඵලයක් ලෙස ජෛවවිවිධත්ව ප්‍රඳප්තිය උදාවිය.

ශ්‍රී ලංකාවද 1992 දී මෙම සම්මුතියට අත්සන් තැබූ අතර, 1993 දෙසැම්බර් 29 සිට එය බලපැවැත්වේ. එම සම්මුතියේ පාර්ශවකාර රටවල් ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල් ජාතික මට්ටමින් විවිධ ප්‍රතිපත්ති, උපායමාර්ග හා ක්‍රියාදාම සැලසුම් ක්‍රියාත්මක කරමින් ජෛවවිවිධත්වය සංරක්ෂණය සඳහා කැපවී කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේදී, මෙම සම්මුතියට අදාළ ජාතික කේන්ද්‍රස්ථානය ලෙස පරිසර අමාත්‍යංශය කටයුතු කරමින්, එහි ජෛවවිවිධත්ව අංශය නියාමන භූමිකාව ඉටු කරයි.

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025