අධික වර්ෂාව හේතුවෙන් උතුරු බ්‍රිස්බේන් ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක්

  • Home
  • /
  • News
  • /
  • අධික වර්ෂාව හේතුවෙන් උතුරු බ්‍රිස්බේන් ප්‍රදේශයට හදිසි ආපදා තත්ත්වයක්

ක්වීන්ස්ලන්තයේ ගිනිකොන දෙසින් අද (17) තවදුරටත් වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, එක රැයකින් ඇද හැලුණු අධික වර්ෂාව උතුරු බ්‍රිස්බේන් ප්‍රදේශයට හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත. පෙරවරු 6:30 දක්වා වූ පැය 12ක කාලය තුළ Cedar Creek පාරේ මිලිමීටර් 127ක වර්ෂාපතනයක් වාර්තා වූ අතර බ්‍රිස්බේන් අවට අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 100 දක්වා වර්ෂාපතනයක් ලැබිණි. Mackay ප්‍රදේශයට දකුණින් වෙරළ තීරයේ අතිරේක අධික වර්ෂාපතනයක් ද නිරීක්ෂණය විය.බ්‍රිස්බේන් සිට දකුණු දෙසට විහිදෙන අධික වර්ෂාපතනයක් පිළිබඳ අනාවැකි පළ වන අතර ප්‍රදේශයේ ඡායාරූපවලින් පෙන්නුම් කරන්නේ ගංවතුරෙන් යට වූ මෝටර් රථ සහ මාර්ග සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි.මෑත වර්ෂාවෙන් ගංගා පෝෂක දැනටමත් සංතෘප්ත වී ඇති බැවින් කාලගුණ විද්‍යා කාර්යාංශය (BoM) ප්‍රදේශය වෙත ගංවතුර අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර ඇත. ගංවතර තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් BoM වෙබ් අඩවිය හරහා අනතුරු ඇඟවීම් සමඟ යාවත්කාලීනව සිටින ලෙස බලධාරීන් මහජනතාවට උපදෙස් දෙයි.

Don't forget to share this post!

Recent Posts

19604cc9-758e-4286-9071-7fde3a14fecf
December 20, 2024