අනතුරක සේයා මවමින් ඉන්දියානු ගුවන් සේවයට පමණක් එල්ලවන බෝම්බ තර්ජන

  • Home
  • /
  • News
  • /
  • අනතුරක සේයා මවමින් ඉන්දියානු ගුවන් සේවයට පමණක් එල්ලවන බෝම්බ තර්ජන

දින 6ක් තුළ ඉන්දීය ගුවන් යානාවල බෝම්බ ඇති බවට තර්ජන 70ක් ලැබී ඇති බව ගුවන් සේවා ආරක්ෂක මණ්ඩලය නිවේදනය කර ඇත.

 

සෙනසුරාදා (19) දිනයේදී පමණක් ඉන්දීය ගුවන්යානා 30ක බෝම්බ ඇති බවට තර්ජන ලැබී ඇති බවට ගුවන්සේවා ආරක්ෂක මණ්ඩලය නිවේදනය කරන ලදී.බෝම්බ ඇති බවට පවසමින් එල්ලවන තර්ජන 70ම ඉන්දීය ගුවන් යානා පාදක කර ගනිමින් ලැබී තිබීම ද විශේෂත්වයක් වේ.

 

මේ වන විට සිදු කරගෙන යනු ලබන පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම තර්ජනයන් බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව හා ඇමෙරිකාවේ සිට යොමු කර ඇති බවටයි.

 

බෝම්බ පුපුරුවා හැරීම සම්බන්ධයෙන් තර්ජන ලැබීමත් සමග ගුවන්සේවා ආරක්ෂක මණ්ඩලය සහ ගුවන් සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරීන් හමුවී විශේෂ සාකච්ඡාවක් ද නවදිල්ලි අගනුවරදී පැවැත්වුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

මෙහෙයුම් ක්‍රියා පටිපාටියන් තවදුරටත් නියමිත ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යන ලෙස ගුවන් සේවා ආරක්ෂක බලකාය ප්‍රධාන විධායක නිලධාරීන්ට දැනුම් දී ඇත.එමෙන්ම තර්ජන සහ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කරන ලෙස මෙහි දී දැනුම් දී තිබේ.

 

ගුවන් සමාගම් සඳහා අද (21) දිනයේ දී නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ගුවන් සේවා ආරක්ෂක බලකාය නිවේදනය කර ඇත.

Don't forget to share this post!

Recent Posts

118 (1)
October 22, 2024