ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට අහිමිවෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට අහිමිවෙයි.

තියුණු සටනකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම, සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් පරාජය වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාවෙන් සෑහීමට ඊයේ (27) සිදුවිය.

13වැනි වරට පැවැත් වූ මෙවර ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ බැංලෝර් හිදී පැවැත්විණි.එහිදී අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් සිදු වූ අවසන් තරගාවලි පරාජයත් සමග කිරුළ අහිමි විය.

ආසියානු දැල්පන්දු තරග බිමේ පෙරළිකාරම කණ්ඩායම වන ශ්‍රී ලංකාවට ඊයේ (27) අහිමිව ගියේ 7වැනි වරටත් ආසියානු ශූරියන් ලෙසින් කිරුළ පැළදීමට තිබූ අවස්ථාවයි.

අවසන්වරට පැවැත් වූ තරගාවලි දෙකේම (2018, 2022) ශූරියන් වන ශ්‍රී ලංකාව,  1989, 1997, 2001 හා 2009 යන වර්ෂයන්වලද ආසියානු ශූරතාව ජයග්‍රහණය කර තිබුණි.

ආසියානු දැල්පන්දු ශූරතාවලි 11කදීම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකාව, ඊයේ (27) ලැබූ පරාජයත් සමග ඔවුන් පස් වතාවකදී අවසන් මහා තරගයේදී පරාජය වී තිබේ.ශ්‍රී ලංකාව මීට පෙර 1985, 2012, 2014 හා 2016 වර්ෂයන්දීද අනුශූරියෝ වූහ.

මේ අතර ඊයේ(27) ලැබූ ජයත් සමග වසර 10කට පසු ආසියානු දැල්පන්දු ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සිංග්පූරුවට අවස්ථාව උදාවිය.මෙය ඔවුන් ජයග්‍රහණය කළ 4වැනි ආසියානු දැල්පන්දු ශූරතාවයි. මීට පෙර 2005, 2012 හා 2014 වර්ෂයන්හි ශූරතාව දිනා සිටියේය.

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025