ඇන් ඇම්ගෙ මොළේ

  • Home
  • /
  • History
  • /
  • ඇන් ඇම්ගෙ මොළේ

ඩඩ්ලි සේනානායක රජයෙන් ඇණවුම් කල තෙල් නැවක් කොළඹට සේන්දුවිය.ඒ වනවිට සියළුම තෙල් ගබඩා සංකීර්ණයන්හි තෙල් පිරී තිබුණේ පසුගිය සති දෙකක කාලයක් පුරා විටින්විට ඇදවැටුණ වැස්ස නිසා රටේ ගමන්බිමන් අඩුවීමෙන් තෙල් පාරිභෝජනය නොවීම හේතුවෙනි. නැව හරවා යැවුවහොත් ඉන් ලක්රජයට විය හැකි පාඩුව සම්බන්ධයෙන් කල්පනා කරමින් ඩඩ්ලි සිටියේ මහත් කනස්සල්ලෙනි. මේ අවස්ථාවේ සී පී ද සිල්වා ඩඩ්ලි හමුවට පැමිණියේය.

මොකද අගමැතිතුමා තෝන්තුවෙන් වගේසී පී ඇසුවේය.

බලන්න සී පී, තෙල් නැවක් ඇවිල්ල බාන්න විදියක් නැහැනේ. ගබඩා ඔක්කොම පිරිලා .අධිකාරියෙ ලොක්ක කියනව මේ දවස් වල තෙල් විකිණෙන වේගෙ හැටියට ටැංකි හිස් වෙන්න තව දවස් දහයක් විතර යාවිලුඩඩ්ලි කීවේ ඔළුව බදාගෙනය.

ඉතින් අගමැතිතුමා අපි දවස් දහයක් නැව තියාගමුසී පී කීවේය.

ඒවට ඩෙමරේජ් ගෙවන්නෙ සී පී ද?” ඩඩ්ලිට කේන්ති ගියේය.

මට තේරෙන්නෙ නෑ අගමැතිතුමා. ඕකට හොඳ ඔපීනියන් එකක් ගන්න පුළුවන් ඇන් ඇම් ගෙන්සී පී කීවේය.

ඇන් ඇම් එවකට හිටියේ විපක්ෂයේය. ඒ නිසා දුරකතනයෙන් කතා නොකොට ඔහු හමුවීම වඩාත් සුදුසුයයි ඩඩ්ලි කල්පනා කළේය. ඩඩ්ලි තමාම ජීප් රථය පදවමින් ඇන් ඇම් ගේ නිවසට ගියේය. ඇන් ඇම් නිවසේ සිටිනවා දුටු ඩඩ්ලිට සැනසුම් සුසුමක් පිටවිණි. ඇන් ඇම් උඩුකය නිරුවත්ව සරමක් හැඳ පොතක් කියවමින් ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඇලවී සිටියේය. ඩඩ්ලි ළඟටම එනතුරු ඇන් ඇම් පොතෙන් මිදුණේ නැත.

ආ…. අගමැතිතුමා මොකද මේ හදිසියේම කවදාවත් නැතිව.? ඉන්න මං ශර්ට් එකක් දාගෙන එන්නං

නෑ නෑ ඕනෙ නෑ  ඇන් ඇම්, මම මේ හදිසියකට උදව්වක් ඉල්ලගන්න ආවේ.ඩඩ්ලිගේ හඬේ පරාජිත හැඟුමක් ගැබ්ව තිබුණේය.

කියන්න අගමැතිතුමා මේක රටේ වැඩක්ද?නැත්නම් ඔබතුමාගේ වැඩක්ද? ඇන් ඇම් ඇසුවේය.

රටෙයි ,මගෙයි වැඩක්ඩඩ්ලි සියලු විස්තර ඇන් ඇම් ට කීවේය.

හරි මම දැන්මම දන්නා හැමෝටම ටෙලිපෝන් කරල කියනව රටේ ලොකු තෙල් හිඟයක් එනව මාසෙකටවත් තෙල් හොයන්න බැරිවෙයි, තෙල් මිල දෙගුණයකින් විතර වැඩිවෙයි කියල.එතකොට වාහනකාරයෝ ෆුල් ටෑන්ක් ගහගන්නවා.ෂෙඩ් කාරයෝ තෙල් පුරෝගන්නව.බවුසර් ඔක්කොම තෙල් පුරෝගෙන හංගා  ගන්නවා මිළ  වැඩි වෙයි කියල. අගමැතිතුමාට හෙට හවස් වෙනකොට නැවේ තෙල් බාන්න පුළුවන්. මේකට ඔබතුමා මැදිහත් වෙන්න එපා.ඔබතුමා අගමැතිනේ. පස්සේ ඔබතුමා කියන්න ඒක බොරු ආරංචියක් දැනුත් තෙල් බානවා කියල ,එච්චරයි’’ඇන් ඇම් කීවේය. ඩඩ්ලිගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් මතුවිය. සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවිය. තෙල් නැව ප්‍රමාදයකින් තොරව බාගත්තේය. ඒ කාලයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ රට ගැන සිතුවේ එලෙසිනි. 

ආනන්ද 

Don't forget to share this post!

Recent Posts

9754c65d08ab129f4e00d927c6e2efe2
October 18, 2024