ඇමෙරිකානු ජනපති සටනේ ජය ට්‍රම්ප්ට

  • Home
  • /
  • News
  • /
  • ඇමෙරිකානු ජනපති සටනේ ජය ට්‍රම්ප්ට

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබේ.මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණයි.ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට සිය ආධාරකරුවන් අමතමින් ප්‍රකාශ කරන ලදී.හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා යන  ප්‍රාන්තවල ජය හිටපු ජනාධිපති ට්‍රම්ප් සතුව ඇතැයි පුරෝකථන පෙන්වා දෙයි.එමෙන්ම සෙනට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (05) සවස් කාලයේ සිට අද උදෑසන දක්වා පැවැත්වුණි.ලියාපදිංචි අමෙරිකානු ඡන්දදායකයින් මිලියන 186.5න් මිලියන 81කට වැඩි පිරිසක් පූර්ව ඡන්දය භාවිත කිරීමේ ක්‍රමවේදය යටතේ ඡන්ද දිනයට පෙරම ඡන්දය භාවිත කර තිබූ අතර, ඊයේ දිනය විවෘත වූයේ එලෙස ඡන්දය භාවිත නොකළ පිරිස සඳහාය.ඒ අනුව රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ෆ්ලොරිඩා හි වෙස්ට් පාම් බීච් හි ඡන්ද මධ්‍යස්ථානයකදී තම ඡන්දය භාවිත කළේය.එමෙන්ම ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්ෂකයා වන ජේ. ඩී. වෑන්ස් ද ඊයේ ඡන්දය භාවිතා කළේ, ඔහායෝ හි සින්සිනාටි නගරයේදීය.කෙසේ නමුත් ඩිමොක්‍රටික් අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් මැතිවරණ දිනයට පෙර තැපැල් ඡන්ද භාවිත කර ඇති අතර, ඇයගේ උප ජනාධිපති අපේක්ෂකයා වන ටිම් වොලස් ද මිනසොටා හි දී පූර්ව ඡන්ද භාවිත ක්‍රමවේදය යටතේ ඡන්දය ලබාදී තිබුණි.අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදයට අනුව එරට ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නේ ජාතික මට්ටමෙන් නොව ප්‍රාන්ත මට්ටමෙනි.ඒ ප්‍රාන්ත 50ට අදාළව ඡන්ද විද්‍යාල නම් ක්‍රමවේදයක් යටතේය.2020 දී ද ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අතර ඔහුව පරාජය කරමින් ජනාධිපති ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය.මේ අතර, අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට අමතරව, ඉදිරි වසර දෙක සදහා අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද විමසීමත් ඊයේ දිනයේ දී පැවැත්වුණි.ඊට අමතරව සෙනෙට් සභාවේ ආසන සියයෙන් 33ක් සඳහා නීති සම්පාදකයින් තෝරාගැනීමත් මෙවර මැතිවරණ දිනයේදී සිදුකෙරුණි.එමෙන්ම ප්‍රාන්ත 11ක සහ Puerto Rico සහ අමෙරිකානු සමෝවා යන ස්වයං පාලන කලාප දෙකේ ආණ්ඩුකාරවරුන් තෝරාගැනීම ද මෙහිදී සිදුකෙරේ.

Don't forget to share this post!

Recent Posts

Trump_final_1.jpg
November 6, 2024