ඇරිසෝනාවේදී ගුවන්යානා දෙකක් එකට ගැටෙයි – නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • ඇරිසෝනාවේදී ගුවන්යානා දෙකක් එකට ගැටෙයි – නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට

2025 වසරේ  අමෙරිකාවේ  පස්වැනි ගුවන් අනතුර ලෙස මෙම ගුවන් අනතුර වාර්තා වේ.  ඇරිසෝනා ප්‍රාන්තයේ දකුණු දෙසින් පිහිටි මැරානා දේශීය ගුවන්තොටුපොළ අහසේදී කුඩා සැහැල්ලු ගුවන්යානා දෙකක් එකට ගැටීමෙන් එහි ගමන් ගත් නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

මෙම ගුවන් යානා දෙකෙහිම  එක් ගුවන් නියමුවකු බැගින් සිට ඇති අතර  එම සැහැල්ලු ගුවන්යානා එකට ගැටීමෙන් ගිනිගෙන විනාශ වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මෙම අනතුර සිදුවී ඇත්තේ එක් ගුවන්යානයක් එක්වරම මැරනා ධාවන පථයට ගොඩබැස්සවීමත් සමඟ පසුපසින් පැමිණි අනෙක් ගුවන්යානය එහි ගැටීමෙන් බව වාර්තා වේ.

ඒ අනුව  ඇමරිකාවේ ගුවන් අනතුරු සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෙවුණු දින 50 ක කාලය තුළ සිදු වූ 5 වන ගුවන් අනතුර මෙය ලෙස වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025