ඇෆ්ගනිස්තානයෙන් පලාගිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී එක්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ඇෆ්ගනිස්තානයෙන් පලාගිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් ඕස්ට්‍රේලියාවේදී එක්වෙයි.

2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතට ගැනීමත් සමග එරටින් පලාගිය ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් මේ වනවිට ඔස්ට්‍රේලියාවේදී එක්වී ක්‍රිකට් කණ්ඩායමක් ද පිහිටුවාගෙන තිබේ.

එම කණ්ඩායම පළමුවරට මෙල්බන්හි පෙරේදා (29) පැවති ක්‍රිකට් තරගයකට ද ක්‍රීඩාකර ඇත.Cricket Without Borders XI කණ්ඩායම සමගින් ඔවුන් මෙම තරගය ක්‍රීඩා කර ඇති අතර, මෙය ආධාර එක්රැස් කිරීමේ  පුණ්‍ය තරගයක් ලෙසින් පවත්වා තිබේ.මෙම තරගය ක්‍රීඩාකිරීමෙන් පසු Afghanistan Women’s XI කණ්ඩායමේ නායිකා නහිඩා සැපන් පවසා ඇත්තේ, අධ්‍යාපනය සහ ක්‍රීඩාව ඇෆ්ගනිස්තා කාන්තාවන්ට විවෘත කිරීමට මෙම තරගය පණිවුඩයක් වනු ඇති බවයි.ඒ අනුව වසර තුනකට පෙර ඇෆ්ගනිස්තානයෙන් පලා ආ මෙම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පළමු තරගය මෙලෙස ක්‍රීඩා කර ඇත.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025