ඉන්දියාව තුළ පාකිස්ථාන YouTube නාලිකා රැසකට තහනමක්

  • Home
  • /
  • News
  • /
  • ඉන්දියාව තුළ පාකිස්ථාන YouTube නාලිකා රැසකට තහනමක්

ඉන්දියාව පාකිස්ථානයට අයත් යූ ටියුබ් නාලිකා 16ක් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.පහල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී තොරතුරු පතුරුවා හරින පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තහනම් කර ඇති බව එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජම්මු හා කාශ්මීරයේ පහල්ගම් හි ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කළා.මෙම යූ ටියුබ් නාලිකා අතරට ජියෝ නිවුස්, ඩෝන්, රෆ්තාර්, බොල් නිවුස්, ඒආර්වයි නිවුස්, සමා ටීවී, සුනෝ නිවුස් වැනි ප්‍රමුඛ ප්‍රවෘත්ති ආයතනවල යූ ටියුබ් නාලිකා ද ඇතුළත් වනවා.

මීට අමතරව, මුනීබ් ෆාරුක්, උමාර් චීමා, අස්මා ෂිරාසි සහ ඉර්ෂාඩ් භාටි ඇතුළු ප්‍රසිද්ධ මාධ්‍ය,වේදීන්ගේ යූ ටියුබ් නාලිකා ද අවහිර කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. උසයිර් ක්‍රිකට්, ද පකිස්ථාන්, රාසි නාමා හා සමා ස්පෝර්ට්ස් ඇතුළු නාලිකා ද තහනම් කර තිබෙන බව විදෙස්ව් මාධ්‍ය වාර්තා කළා.මෙම නාලිකාවලට ග්‍රාහකයින් මිලියන 63ක් සිටින බවයි වාර්තා වන්නේ.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025