ඉන්දියාව නැවතත් ලෝක ටෙස්ට් ශූරතා සටහනේ අංක 1ට

  • Home
  • /
  • Sports
  • /
  • ඉන්දියාව නැවතත් ලෝක ටෙස්ට් ශූරතා සටහනේ අංක 1ට

ඉන්දි­යාව සහ ඔස්ට්‍රේ­ලි­යාව අතර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි පැවති පළමු ටෙස්ට් තර­ග­යෙන් ලකුණු 295ක ජයක් හිමි­කර ගැනී­මට සංචා­රක ඉන්දීය කණ්ඩා­යම ඊයේ(25) සමත් විය. 

ඉන්දියාව ලැබූ මෙම ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සට­හනේ පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය පිල සම­ත් විය.මුලින් පන්දු­වට පහ­ර­දුන් ඉන්දීය කණ්ඩා­යම පළමු ඉනි­මට ලකුණු 150ක් රැස්කළ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේ­ලි­යානු කණ්ඩා­යම පළමු ඉනි­මේදී ලකුණු 104කට දැවී ගියේය. 

ඉන්දීය කණ්ඩා­යම දෙවැනි ඉනි­මට කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබා­ගත් අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ජය­ග්‍ර­හ­ණය සඳහා ලකුණු 534ක ඉල­ක්ක­යක් හඹා ගියද ඔවුන්ට රැස් කරගත හැකිවූයේ ලකුණු 238ක් පමණි.ඉන්දීය පිල වෙනු­වෙන් යෂශ්වී ජයි­ශ්වාල් ලකුණු 161ක්,  විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් හා කේ.එල් රාහුල් ලකුණු 77ක් ලබා ගත්හ.තර­ගයේ වීරයා සම්මා­නය දිනූ ජස්ප්‍රිට් බුම්රා දිනාගත්තේ ය. තරග 5කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩා­යම  ඉදි­රි­යට පැමිණි අතර, දෙවැනි ටෙස්ට් තර­ගය මෙම මස 30 වැනිදා ඇඩි­ලේ­ඩ්හිදී ආරම්භ වේ.‍

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024