ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට

  • Home
  • /
  • News
  • /
  • ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට

ශ්‍රී ලාංකීය  මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.ඔවුන් පැමිණි මොටර් බොට්ටුව ද ශ්‍රී ලාංකීය නාවික හමුදා භාරයට ගෙන ඇත.මොවුන් සඳහා නීතිමය පියවර ගැනීමට එම පිරිස ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

 

Don't forget to share this post!

Recent Posts

p0kxxr0b
March 14, 2025