ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදීමට එකඟත්වය පලකර ඇති බව සඳහන් ය.ඊයේ (11) දිනයේදී ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සිය පළමු උතුරු පළාත් සංචාරයේදී මානුෂීය සංවර්ධන සංවිධානය [Humanitarian Development Organization (HDO)] සහ නෆීල්ඩ් බිහිරි සහ අන්ධ පාසල් යන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සමඟ බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන වැඩසටහන යටතේ ආධාර ප්‍රදාන ගිවිසුම් දෙකක් අත්සන් කර තිබේ. ගිවිසුම් සඳහා අත්සන් තැබීම එරට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් මහතා ඉදිරියේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය.ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති සඳහා ජපන් රජය ඩොලර් 173,659 ක මුදලක් වෙන් කර තිබේ.විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අවදානම් අවම කොට රට ප්‍රවර්ධනය කිරීමට සහය ලබාදීම මෙම නිල සංවර්ධන ආධාරවල ප්‍රමුඛතාවය බව සඳහන්ය.