උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය Online හරහා සිදු කිරීමට ක්‍රමවේදයක් හදුන්වා දේ.

  • Home
  • /
  • News
  • /
  • උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය Online හරහා සිදු කිරීමට ක්‍රමවේදයක් හදුන්වා දේ.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික Online Verification කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මෙම නව Online ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයට Online පිවිස ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය (Verification) කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි වේ.

ඒ අනුව අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය (Verification) කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යැවීමට අමාත්‍යාංශය සූදානමින් සිටී.

මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස මාර්ගගත අයදුම්පතක් (online application)  ඉදිරිපත් කළ යුතු අතර විස්තර ඉදිරිපත් කළ පසු අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබීමෙන් පසු සහතික නිර්මාණය සහ තහවුරු කර ගැනීම සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවීමට හැකිවේ.

ගනුදෙනු කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු තහවුරු කරන ලද ලේඛනය අයදුම්කරු විසින් සපයන ලද E mail ලිපිනයට එවන බවට අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය Online හරහා සිදු කිරීමට අවස්ථාව ලබාදෙයි

Don't forget to share this post!

Recent Posts

e01cfccc0d7c1e6492edb5ad820235dc
September 16, 2024