ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපල යළි හිස ඔසවයී.

  • Home
  • /
  • News
  • /
  • ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපල යළි හිස ඔසවයී.

ට්‍රම්ප්ගේ වෙළඳ බදු ප්‍රකාශයෙන් පසු ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපල යළි ශක්තිමත් වී තිබේ.එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව, මෙක්සිකෝ සහ චීනයට වෙළඳ බදු පනවීමෙන් පසු දැවැන්ත පහත වැටීමකට ලක්වූ ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපල අඟහරුවාදා යළිත් යථා තත්ත්වයට පත්ව තිබේ.ස්ථාවර වූ වෙළඳපල ආරම්භයේදී ASX 0.8%ක ඉහළ යාමක් පෙන්වීය. මීට පෙර සඳුදා, වෙළඳපල 1.8%ක අලාභයකට ලක්වූ අතර එය මාස පහක් තුළ දැක්වූ අධිකතම පහත වැටීම විය. ජනාධිපති ට්‍රම්ප් සිය පළමු ප්‍රකාශයෙන් අනතුරුව, කැනඩාව සහ මෙක්සිකෝවට පනවා ඇති 25%ක බදු කල්දැමුනද, චීනයට 10%ක බදු පැනවීමට  සැලසුම් කර ඇත. විශේෂඥයන් සඳහන් කරන්නේ එය ගෝලීය වෙළඳාම පහත වැටීමට හේතු විය හැකි බවයි.  AMP ආර්ථික විශ්ලේෂකයෙකු වන ෂේන් ඔලිවර් “චීනයේ අපනයන අලාභයක් සිදුවුවහොත්, එය ඔස්ට්‍රේලියාවේ කර්මාන්ත අංශයට බලපෑමක් ඇති කරනු ඇත” යනුවෙන් ප්‍රකාශයක් සිදු කර ඇත.   

Don't forget to share this post!

Recent Posts

landscape-with-windmills
February 5, 2025