ඕස්ට්‍රේලියානු යෞවනයන්ගේ මනසේ සුවය වෙනුවෙන් දෙමව්පියන් පෙරට එයි

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියානු යෞවනයන්ගේ මනසේ සුවය වෙනුවෙන් දෙමව්පියන් පෙරට එයි

බදාදා (09) නිකුත් කරන ලද Headspace හි සමාරම්භක ජාතික පවුල් මානසික සෞඛ්‍ය සමීක්ෂණයේ මෑත කාලීන පර්යේෂණය මගින් යෞවනයන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් පවුල් අතර සැළකිය යුතු වර්ධනක් ඇති බවට අවධාරණය කරයි.පර්යේෂණ සොයාගැනීම්වලින් පෙනී යන්නේ පවුලේ සාමාජිකයින් 10න් 8ක් සහ ප්‍රධාන වශයෙන් දෙමාපියන්, යෞවනයන්ගේ මානසික සෞඛ්‍යය සහ ඔවුන්ගේ සමස්ත පවුලේ තත්ත්වය ගැන සැළකිලිමත් වන බව සොයාගෙන ඇත.

 

Headspace ප්‍රධාන විධායක ජේසන් ට්‍රෙතෝවන් විසින් මෙම ප්‍රවණතාව පිළිබදව සඳහන් කළේ පර්යේෂණය මගින් හෙළි වූ පරිදි පවුල්වලින් බොහෝ ප්‍රමාණයක් තම තරුණ දරුවන්  සමඟ මානසික සෞඛ්‍යය පිළිබඳ සතිපතා සාකච්ඡා කරන බවයි.අවබෝධය සහ සහයෝගය පෝෂණය කිරීම සඳහා මෙම විවෘතභාවය ඉතා වැදගත් වන බවත් කෙසේ වෙතත්, දෙමව්පියන්ගේ සැලකිල්ල වැඩි වන විට, මෙම සංවාදවල සංකීර්ණත්වය වැඩි වන බව ඔහු සඳහන් කළේය. බොහෝ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් සමග මෙම සාකච්ඡා සිදුකිරීම අභියෝගයක් ලෙස සලකයි. 

 

එවැනි අවස්ථාවලදී පහත සදහන් උපකාර අංශ වෙත ඇමතුම් ලබාගෙන උපදෙස් ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

Lifeline: 13 11 14

Beyond Blue: 1300 22 4636

Kids Helpline: 1800 55 1800

Don't forget to share this post!

Recent Posts

JICA_1200px_25_03_12-1000x600
March 13, 2025