මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීම හේතුවෙන් ඇල්බනීස් රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ඇති බවට උපුටා දක්වමින් අගමැති Anthony Albanese වයස අවුරුදු 16 ට අඩු ළමුන් සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කිරීමට නීති සම්පාදනය කරන බව නිවේදනය කර ඇත.යෝජිත නීතියට අනුව සමාජ මාධ්‍යවලට පිවිසීම සදහා පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීමට අවශ්‍ය වන අතර, බාල වයස්කරුවන්ට ඔවුන් නිශ්චිත වයස් නිර්ණායක සපුරාලන්නේ නැතිනම් Facebook සහ Instagram වැනි වේදිකාවලට ප්‍රවේශ වීම නීති විරෝධී වේ.එසේම දෙමව්පියන්ගේ කැමැත්ත සහිතව සමාජ මාධ්‍ය පරිශීලකයින් වන දරුවන්ට ද මෙම තහනම අදාළ නොවන බව එරට බලධාරීන් පැවසීය.නමුත් තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පැවසීය.මෙම පියවර විවාදයට තුඩු දී ඇති අතර, සමාජ සම්බන්ධතා සඳහා සමාජ මාධ්‍ය මත යැපෙන තරුණ ප්‍රජාව අවදානමට ලක්විය හැකි බවටත්,මෙම තහනම මගින් තරුණ ප්‍රජාව හුදකලා කළ හැකි බවට තරුණ උපදේශකයින් අනතුරු අඟවයි. විශේෂයෙන් වයස් verification කිරීම මග හැරීම සඳහා VPNs භාවිතා කරමින් සමාජ මාධ්‍ය වෙත පිවිසීම සිදුකරනු ඇතැයි ද මේ වන විට ප්‍රශ්නයක් පැන නැගී ඇත.අභියෝග මධ්‍යයේ වුවද, හානිකර අන්තර්ගතයන් සහ ඇබ්බැහි කරවන සබැඳිවලින් ළමයින් ආරක්ෂා කිරීම සඳහා නීති සම්පාදනය අවශ්‍ය බව රජය පවසයි.