ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමෙන් තරුණ ප්‍රජාවට පීඩා

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමෙන් තරුණ ප්‍රජාවට පීඩා

කොමන්වෙල්ත් බැංකුවේ නව පර්යේෂණයකට අනුව, වයස අවුරුදු 18-29 අතර තරුණ ඔස්ට්‍රේලියානුවන්, පසුගිය වසර පුරාවට තම වියදම් 2%කින් කපා හරිමින් ජීවන වියදම් අර්බුදයේ පීඩාව අත්විඳිමින් සිටින බව අනාවරණය කරගෙන ඇත. 

මිලියන හතකට අධික ගනුදෙනුකරුවන්ගේ දත්ත මගින් හෙළි වී ඇත්තේ තරුණ ඕස්ට්‍රේලියානුවන්ගේ සහ වැඩිහිටි පරම්පරාවන්ගේ වියදම් පුරුදු අතර හාත්පසින්ම වෙනස් බවයි. තරුණයින් පෙට්‍රල්, සංචාර වැනි අත්‍යවශ්‍ය දේ සඳහා වියදම් අඩු කර ඇති අතර, වයස අවුරුදු 60-69 සහ 70+ වැඩිහිටියන්ගේ වියදම්වල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ.වයස අවුරුදු 40-49 අතර කණ්ඩායම වැඩිපුරම වියදම් කරන සාමාන්‍ය මාසික වියදම ඩොලර් 3,443ක් වන අතර, වයස අවුරුදු 50-59 අතර අය ඩොලර් 3,257ක් පමණ වෙයි.මෙය සැසඳීමේදී, 18-29 වයස් කාණ්ඩය මසකට සාමාන්‍යයෙන් ඩොලර් 2,118 ක් වැය කරයි, එය සියලුම වයස් කාණ්ඩ අතර අඩුම අගයයි.අඩු ඉන්ධන මිල සහ රජයේ බලශක්ති සහනාධාරවලින් යම් සහනයක් ලැබුවද, තරුණ ඕස්ට්‍රේලියානුවන් තවමත් සංචාර සඳහා වන වියදම් 5% කින් පමණ අඩු කරමින් සහ සමාජ ක්‍රියාකාරකම් කපා දමමින් සිටිති.

ඊට වෙනස්ව, වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන් වියදම් වැඩි කර ඇති අතර විශේෂයෙන් සංචාර සඳහා (8% වැඩිවීම) සහ සිල්ලර සාප්පු සවාරි (9% වැඩිවීම) සදහා වැඩිවීමක් පෙන්වයි. මෙම ප්‍රවණතාවය පරම්පරා අතර මූල්‍ය මට්ටම තුළ පවතින විෂමතාවය ඉස්මතු කරයි.සමස්තයක් වශයෙන්, උද්ධමනය තරමක් අඩු වී ඇති අතර, තරුණ ඕස්ට්‍රේලියානුවන් මත පීඩනය තවමත් පවතී. 

Don't forget to share this post!

Recent Posts

c20dee23bfce0aabe2437bb1f8184b47
November 21, 2024