ඕස්ට්‍රේලියාවේ 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ මහිමට

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ මහිමට

සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද 2024 Humanitarian Innovation Pitch වැඩසටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ මහිම හේරත් සමත්ව ඇත.මෙය තිරගත කිරීමේ වැඩසටහනක් වන අතර ලොව පුරා අවදානම් සහිත ප්‍රජා කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනයකි.

මෙහි තෙවැනි ස්ථානය දිනාගත් මහිම හේරත්ගේ අධ්‍යයනය වී ඇත්තේ ජෝර්දානයේ Zaatari සරණාගත කඳවුරේ සිටින 70,000ක පමණ සිරියානු සරණාගතයින්ගේ ජීවිත වැඩිදියුණු කිරීම සඳහා ආදර්ශයක් නිර්මාණය කිරීම පිළිබඳවයි.ඒ අනුව ඔහු ඉදිරිපත් කළ අධ්‍යයනය පර්යේෂණ වැඩසටහනේ තෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව ඇත.

වැඩසටහනේ ප්‍රථම ස්ථානය සිඩ්නි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන Emily Nabong විසින් දිනා ගන්නා ලද අතර දෙවන ස්ථානය Bond විශ්ව විද්‍යාලයේ Phyllis Ngugi විසින් දිනා ගන්නා ලදී.ඕස්ට්‍රේලියාවේ බොහෝ විශ්ව විද්‍යාලවල සිසුන් මෙම වැඩසටහන සඳහා ඉදිරිපත් වී ඇති අතර ලොව පුරා සිටින අඩු වරප්‍රසාදලත් හෝ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම මෙහි අරමුණයි.

 

Don't forget to share this post!

Recent Posts

Sri-Lankan-2 (1)
October 16, 2024